Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 9 වැනි තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම අද (25 වැනිදා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉහළ නැගීමටද කොළඹ කණ්ඩායමට හැකි විය.
තරගයේ දෙවැනි දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග පන්දු 143 කින් නොදැවී ලකුණු 125 ක් රැස්කළ නායක දිමුත් කරුණාරත්න, කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
නිපුන් ධනංජය (35) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිමුත්, ඉන් නොනැවතී රොෂේන් සිල්වා (නොදැවී 55) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. රොෂේන්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.
පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි. ලකුණු 152 කට කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම සීමා කිරීමට මූලිකත්වය ගත් අකිල ධනංජය ලකුණු 47 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.
ලකුණු 115 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ ගාල්ල කණ්ඩායමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. ගාල්ල දෙවැනි ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ධනංජය ලක්ෂාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 47 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 41 කට කඩුලු 5 ක් බිදහෙළුෑ අතර ගාල්ල දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ලක්ෂිත මානසිංහ ලකුණු 22 කට කඩුලු 3 ක්ද, නලින් ප්‍රියදර්ශන ලකුණු 39 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වූහ.
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 267
කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 152
(නිපුන් ධනංජය 25, අෂේන් බණ්ඩාර 35, සිතාර ගිම්හාන් 20, අකිල ධනංජය 47/5, චානක රුවන්සිරි 45/3)
ගාල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 103
(පබසර වඩුගේ 26, ධනංජය ලක්ෂාන් නොදැවී 47, ප්‍රභාත් ජයසූරිය 41/5, ලක්ෂිත මානසිංහ 22/3, නලින් ප්‍රියදර්ෂන 39/2)
කොළඹ දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 221
(දිමුත් කරුණාරත්න නොදැවී 125, නිපුන් ධනංජය 35, රොෂේන් සිල්වා නොදැවී 55)
රොෂේන් සිල්වා...
ප්‍රභාත් ජයසූරිය...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.