Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිල්හානිගේ එල්ලය වරදී
පැරිස් ඔලිම්පික් - 2024

දිල්හානිගේ එල්ලය වරදී

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

පැරිස්  ඔලිම්පික්  උළෙලට  තරග වැදුණු ශ්‍රී  ලංකාවේ අවසන් ක්‍රීඩිකාව වූ නදීෂා දිල්හානි ලේකම්ගේ අද (7) පැවැති හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේ ඒ කාන්ඩයේ ක්‍රීඩිකාවන් 16 දෙනා අතර පැවැති මූලික පළමු තරගයට සහභාගි වෙමින් පළ කළේ මීටර් 53.66 ක අවම දක්ෂතාවයකි.

ඒ හේතුවෙන් එහිදී ඇයට අත්වූයේ (අවසන්) 16 වැනි ස්ථානයයි.උත්සහයන් තුනෙන්  අවසන් උත්සහයේදී දිල්හානිගේ දක්ෂතාවය  මීටර්  53.24 ක් ලෙස තවදුරටත් කඩා වැටුණි.පැරිස් ඔලිම්පික් හෙල්ල  විසි කිරීම (කාන්තා)  ඉසව්වට  නිර්දේශ කර ගත් ක්‍රීඩිකාවන් 32 දෙදෙනා අතරේ ඇයට හිමි වූයේ අවසන් (32) වැනි ස්ථානයයි.

අවසන් තරගයට සුදුසුකම් සපිරීමේ ඇය තරග වැදුණු ඒ කාන්ඩයේ තරගයේදී හොදම දක්ෂතාවය  පෙන්වවූයේ මීටර්  64.22 ක දක්ෂතාවයක් පළ කළ  දකුණු අප්‍රිකානු  ක්‍රීඩිකා ජෝ ඇනී විසිනි.මූලික වටයේ පැවැති තරග දෙකේම  සමස්ත  ප්‍රතිපලයන්ට අනුව අවසන් තරගයට  තේරුණු ක්‍රීඩිකාවන් 12 දෙනා අතරින්  රන් පදක්කමට වඩාත්ම විශ්වාසය  පළ කර තිබෙන ක්‍රීඩිකාව වන්නේ පෝලන්තයේ මාරියා ඇන්ඩ්‍රේජෙසික් විසිනි.

මාරියා මීටර්  65.52 කට සිය දක්ෂතා අද පළ කර සිටියාය.ඉසව්වට සභභාගි වූ ඉන්දිය ක්‍රීඩිකා අනූ රානි  මීටර් 55.98 කට පත්වූයේ සමස්ත මූලික වටයේදී 29:වැනි ස්ථානයයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවගේ අද අවම දක්ෂතාවය ඇගේ වසර ගණනාවකට පසුව වන කඩා වැටීමකි.

2023 ඔක්තෝබර් 3 වැනිදා හංජෝ  ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇය මෙතෙක් ඉසව්වේ හොදම  දක්ෂතාවය  මීටර් 61.57 කට පළ කරමින් රිදී පදක්කම දිනා ගැනීමත් 2023 බැංකොක්  ආසියානු  ශූරතා තරගාවලියේදී මිටර් 60.93 කට ලෝකඩ පදක්කම දිනා ගැනීමත් 37 හැවිරිදි  දිල්හානිගේ ඉසව්වේ මෙතෙක් හොදම දක්ෂතාවයන්ය.

කෙසේවූවත් පැරිස් ඔලිම්පික්  සභාභාගි වීමට පෙර ඇය අවසන් වරට සහභාගි වූ කොරියාවේ මොක්ෆෝ ජාත්‍යන්තර  තරගාවලියේදී (ජූනි15) දිල්හානි පළ කළ මීටර් 57.94 ක හැකියාව සැළකෙන්නේ ඇගේ මෙම තරග සමයේ හොදම දක්ෂතාවය  ලෙස යි.

අද දිල්හානි තරග වැදීම අවසන් කිරීමත් සමග ශ්‍රී  ලංකාව පැරිස් ඔලිම්පික්  සහභාගිත්වය අවසන් කළේය.ඔලිම්පික්  නිර්දේශ  ලබා ගත් මෙරට ජේය්‍යෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සැළකෙන දිල්හානි ලේකම්ගේ  පැරිස් ඔලිම්පික් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  නායිකාව ලෙසත් කටයුතු  කරයි. 

පැරිස්  ඔලිම්පික් මලල ක්‍රීඩා අගෝස්තු 11 වැනිදා උළෙල නිමාවට පත් වෙන තෙක් පැවැත්වේ. මේ දක්වා පදක්කම්  සටහනේ  පෙරමුණ  ගෙන සිටි චීනය අභිබවමින් එක්සත් ජනපදය ඊයේ  රන් පදක්කම් 24 ක් දිනා ගනිමින් ඉදිරියට පැමිණියේය.

ශ්‍රී  ලංකා ක්‍රීඩිකා තරුෂි  කරුණාරත්න  මූලික වටයේ තරග වැදුණු මීටර් 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම තත්පර විනාඞ් 1 තත්පර 56.72 කට දිනා ගත්තේ  බි්‍රතාන්‍ය ක්‍රීඩිකා කිලී හොඞ්කිංසන් විසිනි.


අදහස් (0)

දිල්හානිගේ එල්ලය වරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.