Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිස්ත්‍රික් චෙස් තරග 13-14 -15

දිස්ත්‍රික් චෙස් තරග 13-14 -15

editorial - 2023 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආධුනික (කාන්තා/පිරිමි) දිස්ත්‍රික් චෙස් තරගාවලි ජනවාරි මස 13,14 සහ15 තෙදින කොළඹ, ගාල්ල, ගම්පහ, රත්නපුර සහ නුවර යන දිස්ත්‍රික්කවලදී පැවැත්වේ .

කොළඹ දිස්ත්‍රික් තරගාවලිය දෙහිවල සාසනචන්ද්‍ර විද්‍යාලයේදීද, ගාල්ල දිස්ත්‍රික් තරගාවලිය අම්බලන්ගොඩ පී.ද. එස්. කුලරත්න විද්‍යාලයේදීද, ගම්පහ දිස්ත්‍රික් තරගාවලිය නිට්ටඹුව රන්පොකුණගම මහා විද්‍යාලයේදීද, රත්නපුර දිස්ත්‍රික් තරගාවලිය රත්නපුර ශ්‍රී සුමංගල විද්‍යාලයේදීද, මහනුවර දිස්ත්‍රික් තරගාවලිය මහනුවර බෙරවට්ස් රාජකීය විද්‍යාලයේදී ද පැවැත්වේ .

තරගාවලියේ තරග වට ගණන සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මත තීරණය කරනු ලබන අතර ඒ අනුව අවම තරග වට ගණන පහකි. උපරිම තරග වට ගණන අටකි. පැවැත්වෙන තරග වටවල ලකුණු අනු පිළිවෙල අනුව දිස්ත්‍රික් ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබති.


අදහස් (0)

දිස්ත්‍රික් චෙස් තරග 13-14 -15

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.