දුෂ්කරතා ඇත්නම් දැනුම් දෙන්න

‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුෂ්කරතාවට පත්ව සිටින්නේ නම් ජාතික ඔලිම්පික් කමිටුවට තොරතුරු ලබාදෙන ලෙස සියලුම ජාතික ක්‍රීඩා සංගම් දැනුවත් කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. කිසියම් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ‘කොරෝනා’ වෛරසයේ අවදානම නිසා දුෂ්කරතාවට පත්ව සිටින්නේ නම් කෙලින්ම ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කළ හැකි බව ඔලිම්පික් කමිටු ලේකම්වරයා පවසයි.
“අපි මීට සතියකට අධික කාලයකට පෙර සියලුම ජාතික ක්‍රීඩා සංගම් දැනුවත් කළා අදාල ක්‍රීඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සොයා බලා අපිට වාර්තා කරන්න කියලා”
“ඒ අනුව අපි ජාතික ක්‍රීඩා සංගම් හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම් දීලා තියෙනවා මොනයම් හෝ දුෂ්කරතාවක් තියෙනවා නම් අපිව දැනුවත් කරන්න කියලා”
“එම දැනුම්දීමට ප්‍රතිචාරයක් ලෙස අපිට පුත්තලම ප්‍රදේශයේ ක්‍රීඩිකාවක් ඇය දුෂ්කරතාවට පත්ව සිටින බව දැනුම් දුන්නා. අපි වහාම ක්‍රියාත්මක වෙලා ඇයට පහසුකම් සැළසුවා” යැයි මැක්ස්වෙල් මහතා වැඩි දුරටත් පැවසීය.