Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙවැනි වර වෙන්දේසියේදී භානුකට කෝටි එකහමාරක්

දෙවැනි වර වෙන්දේසියේදී භානුකට කෝටි එකහමාරක්

editorial - 2022 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි අදියර ඉරිදා (13 වැනිදා) බැංගලෝර්හිදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට අලෙවි විය. එම මුදල දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි තිස්හතර ලක්ෂයක් පමණ වේ.

පළමු වරට භානුගේ නම වෙන්දේසියට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවූ අතර දෙවැනි වරට ඔහුගේ නම වෙන්දේසියට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුව මිලදී ගැනීමට පන්ජාබ් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ.

එහිදී දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටද, මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද, චාමික කරුණාරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමටද අලෙවි වූහ.

වෙන්දේසියේ පළමු දිනියේදී (12 වැනිදා) අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වෙමින් වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 28 හමාරකට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අලෙවි විය.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18 මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වුවද, ඔවුන්ව මිලදී ගැනීම සඳහා එහිදී කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන්ද, මහේල ජයවර්ධණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන්ද, මුත්තයියා මුරලිදරන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන්ද වෙන්දේසියට සහභාගි වී සිටියහ.

-036 


අදහස් (0)

දෙවැනි වර වෙන්දේසියේදී භානුකට කෝටි එකහමාරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.