Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙසන්දි දිහන්සා රිදී පදක්කමක් දිනයි

දෙසන්දි දිහන්සා රිදී පදක්කමක් දිනයි

editorial - 2023 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ඕමානයේ මස්කට් නුවර පැවති ලෝක ආධුනික චෙස් ශූරතාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දෙසන්දි දිහන්සා ගමගේ විසින් ඊයේ (10) රාත්‍රියේදී දිනා ගන්නා ලදි.

ලෝකයේ රටවල් 38ක ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු චෙස් ක්‍රීඩිකාවන් 86 ක් අතරින් දිහන්සා රිදී පදක්කම දිනා ගත්තාය. මෙම තරගාවලිය නොවැම්බර් මස 2 සිට 10 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවර පැවැත්විණ.

තරගාවලිය තරග වට නවයකින් සමන්විතවී තිබූ අතර එහිදී දිහන්සා තරග වට නවයෙන් ලකුණු 5.5ක් ලබා ගනිමින් සිය රිදී පදක්කම දිනා ගත්තාය.


අදහස් (0)

දෙසන්දි දිහන්සා රිදී පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.