Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජය පළමු ඉනිම ජයගනී

දේවපතිරාජය පළමු ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ පානදුර මහනාම විද්‍යාලය අතර පැවැති  අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තරගයක් ඊයේ (10 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන්විය. තරගය රත්ගම මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුලින්ම පන්දුවට පහරදුන් දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිමට සියලූ දෙනාම දැවී ලකුණු 218 ක් රැස්කර ගත් අතර අර්ධ ශතකයක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීමට රවීන් යසස් සමත්විය. දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පිළිතුරු වශයෙන් ඉසිපතන කී‍්‍රඩකයින්ට සියලූ දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 175 කි.

දෙවැනි ඉනිමට කඩුලූ 7 ක් දැවී ලකුණු 296 ක් රැස්කරගත් දේවපතිරාජ විද්‍යාලය ඉනිම අත්හිටුවා මහනාමයට පන්දුවට පහර දීමට ආරාධනා කළේය. පන්දු 152 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී උදේශ් මදුශංක ශතකයක් ලබාගත් අතර නිලංක රුක්ෂිත (73) සහ ඩිල්ශාන් කාංචන (65) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දක්වන්නට සමත් වූහ.

නිමේෂ් විමුක්ති ලකුණු 150 කට කඩුලූ 10 ක් සහ නොදැවී ලකුණු 88 ක් ලබා ගත්තද එය තම පිළේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට එය ප‍්‍රමාණවත් නොවීය.
ඊයේ දිනය නිමාවනවිට මහනාම විද්‍යාලය දෙවනි ඉනිමට කඩුලූ 5 ක් දැවී ලකුණු 183 ක් රැස්කරගෙන සිටියහ.

දේවපතිරාජ විදුහල පළමු ඉනිම  ඕවර 63.5 කදී සියලූ දෙනා දැවී 218
(රවීන් යසස් 66, ඩිල්ශාන් කාංචන 32, චතුර ලක්ෂාන් 22, රමිදු නිකේෂල 18, නිමේෂ් විමුක්ති 49/5, පසිදු ධනංජය 33/2)

මහනාම විදුහල පළමු ඉනිම  ඕවර 42 කදී සියලූ දෙනා දැවී 175
(අසංක මදුශාන් 34, රවීන් තේනුවර නොදැවී 33, අංජන පසිදු 27, නිමේෂ් විමුක්ති 23, ඩිල්ශාන් කාංචන 46/4, උමේෂ් කසුන් 15/2, අවිශ්ක ගිම්හාන 33/2)

දේවපතිරාජ විදුහල දෙවන ඉනිම  ඕවර 58.1 කදී කඩුලූ 7 ක් දැවී 296
(උදේශ් මදුශංක නොදැවී 100, නිලංක රුක්ෂිත 73, ඩිල්ශාන් කාංචන 65, රමිදු නිකේෂල 25, නිමේෂ් විමුක්ති 101/5, සුරාජ් කෞෂල්‍ය 79/2)

මහනාම විදුහල දෙවන ඉනිම  ඕවර 26 කදී කඩුලූ 5 ක් දැවී 183
(නිමේෂ් විමුක්ති නොදැවී 88, සුරාජ් කෞෂල්‍ය 49, ඩිල්ශාන් කාංචන 67/3, චතුර ලක්ෂාන් 57/2)


අදහස් (0)

දේවපතිරාජය පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.