Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ඉන්දීය ක්‍රිකට් පිලේ නායකයා මෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් පිලේද නායකයා වන මහේන්ද්‍ර සිං දෝනි ලබන වසරේදීද ඉන්දීය ප්‍රිමීයර් ලීග් (අයි.පී.එල්) තරගාවලියට ක්‍රීඩා කරන බවට ඉඟි පළ කරනු ලැබීය.
තුන් වරක් අයි.පී.එල්. ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් පිලට දිනාදීමට නායකත්වය ලබාදුන් දෝනි තමන් ක්‍රීඩා කරන අවසන් තරගය චෙන්නායි හිදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව චෙන්නායි සුපර් කිංග්ස් නිල යු ටියුබ් නාලිකාවේ සජීවි වැඩසටනහකදී පැවසීය. දෝනිට අමතරව එම වැඩසටහන සඳහා දීපක් චාහාර්, ඉම්රාන් තහීර් සහ ෂර්දුල් තාකූර් එක්වූ අතර ඔව්හු සජීවීව රසිකයන් සමඟ අදහස් හුවමාරු කර ගත්හ.
එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමට අගෝස්තු 15 දින තෝරා ගැනීමට හේතුව රසිකයෙක් විසින් දෝනිගෙන් විමසා සිටියේය. තමන් රසිකයන් හමුවීමට කැමති බවත් ඔහුගේ අවසන් තරගය චෙන්නායි හිදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් එම පැණයට පිළිතුරු දෙමින් දෝනි පැවසීය.
“සමුගැනීම ගැන කතා කරන විට එය අගෝස්තු 15 වෙනිදාට වඩා හොඳ දිනයක් වෙන්න බෑ. ඔබ සැමට පැමිණ චෙන්නායි පිල ක්‍රීඩා කරන ආකාරය දැක ගත හැකි අතර එය මගේ සමුගැනීමේ තරගයද වෙන්න පුලුවන්. චෙන්නායි එන්න අපි බලාපොරොත්තු වෙනවා. එහිදී මගේ අවසන් තරගය ක්‍රීඩා කර මට මගේ සියලු රසිකයන් හමුවෙන්න පුලුවන්” යැයි දෝනි පැවසීය.
අයි.පී.එල් තරගාවලි 11 කදී චෙන්නායි පිල කඩයිම් වටය සඳහා ගෙන යෑමට නායකත්වය දීමට 40 හැවිරිදි දෝනි සමත් වී ඇත. මෙවර තරගාවලියේදී දෝනිගේ ලකුණු ලබාගැනීම එතරම් යහපත් නොවූ නමුත් ඔහුගේ නායකත්ව කුසලතා ඊට නොදෙවෙනිය.
පසුගිය වසරේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයට පත්වූ දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි පිල මෙවර තරග වාරයේදී කඩයිම් වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.