Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අබුඩාබි දහයයි10 තරගාවලියේදී දිල්ලි බුල්ස් පිලට එරෙහිව සෙනසුරාදා (30 වැනිදා) පැවැති 9 වැනි තරගය ලකුණු 32 කින් ජයගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය. නිකලස් පූරන් පන්දු 21 කදී හයේ පහර සහ හතරේ පහර 5 බැගින් එල්ල කරමින් ලකුණු 54 ක් ලබාගත් අතර රෝව්මන් පවෙල් පන්දු 8 කදී නොදැවී ලකුණු 24 ක් සහ ෆේබියන් ඇලන් පන්දු 10 කදී නොදැවී ලකුණු 28 ක් රැස්කිරීමට සමත්වූහ.
වේන් පානෙල් ලකුණු 15 කට කඩුලු 3 ක් සහ රයාඩ් එම්රිට් ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගනිමින් නොදර්න් වොරියර්ස් පිලේ ජයග්‍රහණයට දායක වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අබුඩාබි දහයයි10 තරගාවලියට එක්වී ඇති ධනංජය ලක්ෂාන් ලකුණු 23 කට කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
නොදර්න් වොරියර්ස් - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 137
(බ්‍රැන්ඩන් කිංග් 18, නිකලස් පූරන් 54, රෝව්මන් පවෙල් නොදැවී 24, ෆේබියන් ඇලන් නොදැවී 28, වකාර් මක්සූඩ් 01/1, අලී ඛාන් 16/1, ඩ්වයින් බ්‍රාවෝ 35/1)
දිල්ලි බුල්ස් - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 105
(රහ්මනුල්ලා ගුර්බාස් 15, රවී බොපාරා 36, මොහොමඩ් නබී නොදැවී 15, වේන් පානෙල් 15/3, රයාඩ් එම්රිට් 25/2, වහබ් රියාස් 17/1, ධනංජය ලක්ෂාන් 23/1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.