Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව තිබූ ධරම්ශාලා නුවරින් එම තරගය ඉවත් කර තිබේ. හිමාලය කඳු වැටිය පාමුළ පිහිටි අතිශය සුන්දර ක්‍රීඩාංගණයක් නගරයක් වන ධරම්ශාලාහි ක්‍රීඩාංගණයේ තත්ත්වය සලකා බලමින් තුන්වැනි ටෙස්ට් තරගය ඉන්දෝර් නුවරට මාරු කර තිබේ.
ඉන්දෝර් යනු මධ්‍යම ඉන්දියාවේ පිහිටි නගරයකි. මෙම තරගය මාර්තු මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
උතුරු ඉන්දියාවේ මේ වන විට පවතින ශීත සෘතුව හේතුවෙන් ධරම්ශාලා ක්‍රීඩාංගණයේ තණකොළ වල තත්ත්වය ටෙස්ට් තරගයක් සඳහා උචිත නොවන බව ක්‍රීඩාංගණ බලධාරීහු කියති. මේ දිනවල දහවල් කාලයේදී ධරම්ශාලාහි උෂ්ණත්වය සෙල්සියස් ංශක 14 ක් පමණ වන අතර මධ්‍යම රාත්රියේදී එය සෙල්සියස් අංශක 1 ක් හෝ 2 ක් දක්වා අඩුවෙයි.
බෝඩර් - ගවස්කාර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය සතියේදී පැවැති අතර එහිදී ඉන්දියානුවෝ ඉනිමකින් සහ ලකුණු 132 කින් තරගය ජයගත්හ. තරගාවලියේ දෙවැනි තරගය ලබන සිකුරාදා (17 වැනිදා) නවදිල්ලියේදී ආරම්භ වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.