Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජයට 32-12 ක ජයක්

ධර්මරාජයට 32-12 ක ජයක්

editorial - 2024 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ඩයලොග් පාසල් රග්බි ලීග් ශූරතාවලියේ දෙවැනි සතියේ සෙනසුරාදා දින මහනුවර පාසල් හතරක් රග්බි පොරපිටියට පිවිසි අතර ඒ අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූයේ ධර්මරාජ විදුහල පමණක් වීම විශේෂත්වයකි.

ධර්මරාජ විදුහල සහ මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහල අතර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී පැවති රග්බි තරගයෙන් ලකුණු 32-12 ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රථම අර්ධයේ ලකුණු 13-12 ක් වශයෙන් ධර්මරාජ ඉදිරියෙන් සිටි මෙම තරගය පුරාවට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මැද වුවද දෙපිලේම ක්‍රීඩකයන් අතිදක්ෂ ලෙස ක්‍රීඩා කරන අයුරු දැකගත හැකිවිය.


අදහස් (0)

ධර්මරාජයට 32-12 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.