Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලට එරෙහිව ගොඩිගමුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ධර්මාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
එහිදී නොදැවී ලකුණු 152 ක් රැස්කිරීමට කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලේ බොදුනු ජනෝදිත් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය. හෙලන්ත විදුරංග (98) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 196 ක සම්බන්ධතාවක් පිහිටුවීමටද ජනෝදිත් සමත් විය.
ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 54.3 කදී කඩුලු 4 ක් දැවී 326
(බොදුනු ජනෝදිත් නොදැවී 152, හෙලන්ත විදුරංග 98, පහන් බාලසූරිය 47)
වික්‍රමබාහු ජාතික පාසල පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 5 ක් දැවී 160
(නිම්නද සොයිසා 80, සම්පත් අලහකෝන් නොදැවී 29, අශාන් වීරක්කොඩි 17, කවිඳු ලක්ෂාන් 22/2, උදිත ෂෙහාන් 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.