Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිපුන් ධනංජය ජෝෂප් වාස්ට ජය ගෙනේ

නිපුන් ධනංජය ජෝෂප් වාස්ට ජය ගෙනේ

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන නිපුන් ධනංජයගේ (නොදැවී 102) විශිෂ්ට පිතිහරඹය නිසා හලාවත ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව 10 වැනි වරටත් පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජයගැනීමට ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය අද (9 වැනිදා) සමත්විය. මෙම තරගය හලාවත හරීන්ද්‍ර කොරයා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත මේරී විද්‍යාලයට ඕවර 49.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 226 ක් පමණි. උදිත් ඉරුෂික (67) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත මේරී විද්‍යායේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඇන්ඩි්‍ර මල්ෂාන් ලකුණු 33 ක් සහ අකිත් ඉරෝෂ් ලකුණු 28 ක් රැස්කරමින් ශාන්ත මේරී විද්‍යාලය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය ඕවර 45.1 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර ගියේය.

නවෝද් යොහාන් නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට නිපුන් ධනංජයට අනගි සහයක් ලබාදුන්නේය.


ශාන්ත මේරී විද්‍යාලය - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 226
(උදිත් ඉරුෂික 67, ඇඩි්‍ර මල්ශාන් 33, අකිත් ඉරෝෂ් 28, චාරුක තරිඳු 22, ශවාන් රොද්‍රිගූ 19/2, කණිෂ්ක ගමගේ 48/2, අචින්ත දේෂාන් 50/2)

ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය - ඕවර 45.1 කදී කඩුලු 5 ක් දැවී 227
(නිපුන් ධනංජය නොදැවී 102, නවෝද් යොහාන් නොදැවී 35, හසිත් චමෝද්‍ය 40/2)

 


අදහස් (0)

නිපුන් ධනංජය ජෝෂප් වාස්ට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.