Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නික්සී අහමඩ්ගෙන් ශතකයක් - රම්සාන් කඩුලූ 10 යි

නික්සී අහමඩ්ගෙන් ශතකයක් - රම්සාන් කඩුලූ 10 යි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ජෝසප් වාස්විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගය ජයපරාජයෙන් තොරව පසුගියදා ගම්පහ කදිරාණ ක‍්‍රීඩාංගණයේදී අවසන් විය.

මුලින්ම පන්දුවට පහරදුන් ජෝසප් වාස් ක‍්‍රීඩකයෝ සියලූ දෙනාම ලකුණු 125 කට දැවී ගියහ. රවිදු ඩිල්ශාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පිළිතුරු ඉනිම ඇරඹු සහිරා විද්‍යාලය ලකුණු 44 කට සීමා විය.

ලකුණු 81 ක් ඉදිරියෙන් සිට දෙවන් ඉනිම ඇරඹු ජෝසප් වාස් විද්‍යාලය කඩුලූ 9 ක් දැවී ලකුණු 145 ක් රැස්කර  ඉනිම අත්හිටුවා සහිරා විද්‍යාලයට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර දිනය නිමාවන විට කඩුලූ 5 කට ලකුණු 156 ක් රැස් කර ගැනීමට සහිරා පිතිකරුවන් සමත්විය. පන්දු 129 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් ලබා ගැනීමට නික්සී අහමඞ් සමත්විය.
සහිරා විද්‍යාලය වෙනුවෙන් ඉනිම දෙකකදී ලකුණු 111 කට කඩුලූ 10 ක් දවා ගනිමින් රම්සාන් රෆායීඞීන් සහ ලකුණු 85 කට කඩුලූ 6 ක් දවා ගනිමින් මොහොමඞ් ශහීන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.

රවිදු ඩිල්ශාන්ලකුණු 44 කට කඩුලූ 7 ක් දවා ගනිමින් ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වුහ.

ජෝසප් වාස් විදුහල පළමු ඉනිම  ඕවර 45.3 කදී සියලූ දෙනාම දැවී 125
(ශෙහාන් ප‍්‍රනාන්දු 32, සෙව්වින්ද සිල්වා 32, ශවිදු දිමන්ත 21, රම්සාන් රෆායීඞීන් 41/4, මොහොමඩ් ශහීන් 22/3)

සහිරා විදුහල පළමු ඉනිම  ඕවර 20.4 කදී සියලූ දෙනාම දැවී 44
(අර්ශාඞ් ඉමාමුඞීන් 13, රවිදු ඩිල්ශාන් 18/5, මතීෂ විබෝධ 6/2)

ජෝසප් වාස් විදුහල දෙවන ඉනිම  ඕවර 62 කදී කඩුලූ 9 ක් දැවී 145
(ශවිදු දිමන්ත නොදැවී 61, ශෙහාන් ප‍්‍රනාන්දු 30, දුලාශාන් පෙරේරා 20, රම්සාන් රෆායීඞීන් 70/6, මොහොමඩ් ශහීන් 63/3)

සහිරා විදුහල දෙවන ඉනිම  ඕවර 43 කදී කඩුලූ 5 ක් දැවී 156
(නික්සී අහමඞ් නොදැවී 108, රවිදු ඩිල්ශාන් 26/2)


අදහස් (0)

නික්සී අහමඩ්ගෙන් ශතකයක් - රම්සාන් කඩුලූ 10 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.