Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී සී.සී.සී පිල පරදවා ලකුණු 113 කින් ජය ගැනීමට රාගම ක‍්‍රීඩා සමාජය සමත්විය. මෙම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සී.සී.සී පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට රාගම පිලට ආරාධනා කල අතර ඕවර් 43 කදී කඩුලු 4ක් දැවී ලකුණු 207 ක් රැස් කිරීමට රාගම පිල සමත්විය. ළහිරු තිරිමාන්න අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය. පෙරදින රාත‍්‍රියේ වර්ෂාව නිසා තරගය ආරම්භවීම ප‍්‍රමාදවූ අතර තරගය ඕවර 43 කට සීමාවිය.
ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී පිල ඕවර 25.5 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 94 ක් පමණී. සී.සී.සී පිතිකරුවන්ගේ ජයග‍්‍රහණයේ බලාපොරොත්තු බිද දැමීමට නිලංක පේ‍්‍රමරත්න (23/5) සහ ළහිරු ජයරත්න (21/4) සමත් වූහ.
රාගම ඕවර 43 කදී කඩුලූ 4ක් දැවී 207
(ළහිරු තිරිමාන්න 54, චානක විජේසිංහ නොදැවී 46, ඉයන් ඩැනියල් 43, දනංජය ද සිල්වා 41)
සී.සී.සී ඕවර 25.5 කදී සියලූ දෙනා දැවී 94
(මදුක ලියනපතිරණගේ 24, නිලංක පේ‍්‍රමරත්න 23/5, ළහිරු ජයරත්න 21/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.