Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නටරාජන් වෙනුවට මලික් කැඳවයි

නටරාජන් වෙනුවට මලික් කැඳවයි

editorial - 2021 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් තාවකාලිකව ඉවත් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ටී. නටරාජන් වෙනුවට ජම්මු කාෂ්මීර් ප්‍රදේශය නියෝජනය කරන දකුණත් මඳ වේග පන්දු යවන්නකු වන උම්රාන් මලික් හයිද්‍රාබාද් කණ්ඩායමට කැඳවා ඇත.
 
නටරාජන් කොරෝනා ආසාදිතයකු බවට හෙළි වීමත් සමග ඔහු සමීපව ඇසුරු කළ කණ්ඩායමේ තවත් හය දෙනෙක් ඔහුගේ ආශ්‍රීතයන් ලෙස හඳුනාගෙන නිරෝධායනයට ලක් කිරීමටද හයිද්‍රාබාද් කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගෙන ඇත.  

අයි.පී.එල්. තරගාවලියේ නීති රීතිවලට අනුව අසනීප තත්ත්වයකින් පෙළෙන ක්‍රීඩකයකු ජෛව බුබුලෙන් ඉවත් වන්නේ නම් කෙටි කාලීනව වෙනත් ක්‍රීඩකයකු ඔහු වෙනුවට ආදේශ කිරීමට කණ්ඩායමේ කළමණාකාරීත්වයට අවසර ලැබෙනු ඇත. අසනීප වූ ක්‍රීඩකයා යළිත් ජෛව බුබුලට එක්වන තුරු අදේශක ක්‍රීඩකයාට කණ්ඩායමේ රැදී සිටීමට අවස්ථාව හිමිවනු ඇත.

ඒ අනුව නටරාජන් සුවය ලබා යළිත් කණ්ඩායමට එක්වන තුරු මලික්ට හයිද්‍රාබාද් කණ්ඩායම සමග රැදී සිටීමට හැකියාව ලැබෙනු ඇත. එහෙත් නටරාජන් නැවත පැමිණි පසුව මලික්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවනු ඇත. මේ දක්වා එක් විස්සයි20 තරගයකට ක්‍රීඩා කර ඇති මලික්, දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම එරෙහිව පැවැති එම තරගයේදී කඩුලු 3 ක් දවාගත්තේය.


-036


අදහස් (0)

නටරාජන් වෙනුවට මලික් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.