Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඕස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ දී සිදුකරන සියලු විමර්ශනවල වියදම් ඔහු පෞද්ගලිකව දරාගත යුතු බවට ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
මෙය ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් වන බැවින් ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම් දැරීම අනුමත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසීය.
මේ අතර හෙට (7) සිඩ්නි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මෙරට දී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම එරට අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසුව සිදු කිරීමට තීරණය වී තිබේ.
ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුට එරෙහිව එරට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ දී ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් අද (6) ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අද ඔහු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තීරණය කළ යුතු බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මෙසේ ද පැවසීය.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක ඉන්නවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වනවා. මෙම තරග සංචාරයට ක්‍රීඩකයන් වගේම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විශාල පිරිසක් ද එක්ව සිටියා. හරියට බැලුවොත් එක් ක්‍රීඩකයකුට එක් නිලධාරියෙක් ගානට හිටියා.
එහෙම තිබෙද්දී ක්‍රීඩකයන්ගේ විනය ආරක්ෂා නොවීම බරපතළ ගැටලුවක්. අපේ අවධානයට යොමු වෙලා තිබෙන්නේ ඒකයි.
චෝදනාලාභී ධනුෂ්ක ගුණතිලක 31 හැවිරිදිය. මේ දක්වා ඔහු ටෙස්ට් තරග අටක්, එක්දින තරග 47ක් හා විස්සයි-20 තරග 46කට සහභාගි වී තිබේ.
sam Tuesday, 08 November 2022 10:58 AM
නඩුව ඉවරවෙනකොට මෙයා මෙච්චරකල් හම්බ කරපු සියලු දේවල් ඉවරවෙලා මහපාරට තමයි බහින්න වෙන්නේ. හොඳ වැඩේ.. මෙයා ගැන හොඳට ඉතිහාස ගත වේවි...!
Reply 0 0
පුරවැසියෙක් Thursday, 10 November 2022 12:59 PM
මේ වගේ දේවල් ධනුෂ්ක කොච්චර කරලා ඇද්ද? මේ රට තුළ ඒවා එලියට එන්නේ නෑ. දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි. සුදුසු තැනදී සුදුසු දේ කරන්න ඕනේ. හැගීම් ආවම පාලනය (ඉවසීම ) කරගන්න එක මනුස්සයන්ට විතරක් තියෙන මානුෂික ගුණයක්. පාරේ යන සුනකයෝන්ට තැනක දොරක් නෑ. ඕනෙම තැනක ඕනෙම දෙයක් කරනවා. මිනිස්සු එහෙම නෑ. අපේ රටේ මිනිස්සු කොහොමත් විනය ගරුකයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.