Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයක් නම්කර ඇත. පළමු සහ දෙවැනි තරග සඳහා නම්කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් කිසිවකු ඉවත්කර නොමැති නමුත් ආරම්භක පිතිකරු නයිම් ශේක් සංචිතයට එක්කර තිබේ.
බංග්ලාදේශය මේ වන විටත් 2-0 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගෙන සිටින අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (28 වැනිදා) ඩකාහිදී පැවැත්වේ.
ලකුණු අතර නොසිටින ලිටන් දාස් සහ දෙවැනි තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් පිටියෙන් ඉවත්වූ අෆිෆ් හුසේන් තෙවැනි තරගයෙන් ඉවත් කරනු ඇතැයි සාමාජ මාධ්‍ය වාර්තා කළද ඔවුන් දෙදෙනා කණ්ඩායමේ රඳවා ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එහෙත් හෙට තරගය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් දෙදෙනෙකු දේශීය තරග සඳහා සුදානම්වීමට නිදහස් කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව හෙට තරගය සඳහා වන සංචිතය ක්‍රීඩකයන් 14 දෙනෙක් සමන්විත වනු ඇත.
පළමු සහ දෙවැනි තරග සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් නම්කරන විට අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනා අතරට ඇතුළත්ව සිටි නයිම් ශේක් මේ වනවිට ප්‍රධාන සංචිතයට ඇතුළත්ව ඇත.
තෙවැනි එක්දින තරගය සඳහා බංග්ලාදේශ සංචිතය
ටමීම් ඉක්බාල් (නායක), ලිටන් දාස්, සකිබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමුදුල්ලා, අෆිෆ් හුසේන්, මෙහිදි හසන් මිරාස්, මොහොමඩ් සයිෆුඩීන්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොසැඩක් හුසේන්, මෙහෙදි හසන්, ෂොරිෆුල් ඉස්ලාම් සහ නයිම් ශේක්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.