Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නව වාර්තාවක් පිහිටවූ ප්‍රමෝද්ට අවසන් තරගය අහිමිවෙයි

නව වාර්තාවක් පිහිටවූ ප්‍රමෝද්ට අවසන් තරගය අහිමිවෙයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම ”මහින්ද රාජපක්ෂ” පිටියේදී ඊයේ (8) ආරම්භ වූ සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ දිනය නිමාවේදී නව වාර්තා පහක් සටහන් විය. එහිදී විශේෂ සිදුවීමක් වූයේ මීටර් 200 වයස 15 න් පහළ බාලක ඉසව්වේ මූලික වටයෙන්ම තත්පර 23.27කට එහි නව වාර්තාවක් පිහිටුවීමට කිරිල්ලවල මැදි විදුහලේ ප‍්‍රමෝද් පියමිත සමත් වුවත් ඔහුට එහි අවසන් තරගයෙන් අවාසනාවන්ත ලෙස ඉවත්වීමට සිදුවීමය.

ඊට හේතු වූයේ අවසන් පූර්ව තරගයේදී ඔහු නීතිරිති උල්ලංගනය වන ආකාරයෙන් තරගයේ ආරම්භය ගැනීම පිළිබඳව චෝදනා ලබමින් තරඟයෙන් ඉවත් කර දැමීමය.

මූලික වටයේදී ගේට්ටේ ජාත්‍යන්තර පාසලේ ආසිරි විජේසේකර වසර 2013 දී පිහිටුවා තිබූ තත්ත්පර 23.34ක් වන පැරණි වාර්තාව එහිදී ඔහු අතින් බිඳ වැටුණි. එස් වුවත් ආසිරි විජේසේකර ඊයේ දිනයේ තවත් වාසනාවන්ත ක‍්‍රීඩකයකු බවට පත් වෙමින් මීටර් 200 වයස 17න් පහළ බාලක ඉසව්වේ  නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

එහිදී ද විශේෂ සිදුවීමක් වාර්තා විය. ඒ එම ඉසව්වේ පැරණි වාර්තාව තත්පර 22.1කට කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ කිත් නිෂාන් ද මෙල් මහතා කර  තිබුණි.

එහෙත් එහි නව වාර්තාව  පිහිටවූ ආසිරි විජේසේකරගේ නිමි කාලය වාර්තා වූයේ තත්ත්පර  22.31ක් ලෙසටය.

වයමීන්) මතක් වූ බැවිනි. එවිට ඊට තවත් දශම 24ක් එකතු කළ යුතුව තිබූ බැවින් එවිට කිීත්ගේ පැරණි වාර්තාවේ නිමි කාලය තත්ත්පර 22.34ක් දක්වා ඉහළ යාමෙන් එම ඉසව්වේ  නව වාර්තාවට හිමිකම් කීමේ අවස්ථාවට ආසිර විජේසේකර උදාකර ගත්තේය. එය වසර 11ක් පැරණි වාර්තාවකි.

මේ අතර  මීටර් 200 වයස 21න් පහල බාලිකා ඉසව්වේ මූලික වටයේදී රුමේෂිකා කුමාරි රත්නායක  (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල) පිහිටවූ නව වාර්තාවේ පැරණි හිමිකාරියන් දෙදෙනකුම දක්වා තිබුණි.

ඒ හිටපු සුපිරි කෙටි ධාවන ශුරියන් වන දමයන්ති දර්ශා එවකට කොළඹ කාන්තා විදුහලේ ඉගෙනුම ලබන අවධියේ (1994 තත්ත්පර 24.70) පළමුවෙන් පිහිටුවා තිබුණි. වසර 2006 දී එහි එම වාර්තාවට හිමිකම් කීයන්නේද මාදම්පේ සේනානායක මධ්‍ය මහ විදුහලෙන් බිහිවූ පසුව ජාතික ශූරියක් වූ චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක  (2006 තත්ත්පර 24.70) විසිනි.

තත්ත්පර 24.50කට එහි නව වාර්තාවට ඊයේ මූලික වටයෙන්ම හිමිකම් කීමේ භාග්‍යය ඒ අනුව රුමේෂියා කුමාරිට ලැබුණි.

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වන අද (9) අවසන් තරග 35ක් පැවැත්වීමට නියමිත බව තරග නියෝජ්‍ය ලේකම් ලක්ෂ්මන් හපුආරච්චි මහතා පැවසීය.

මෙවර සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරඟාවලිය දින පහක් පුරා ලබන සඳුදා (12)දක්වා දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වේ.

ඊයේ (8)  දිනයේ නව වාර්තා තරග

  • මීටර් 200x වයස 17 න් පහළ:- බාලක ආසිරි විජේසේකර (රාජගිරිය ගේට්ටේ ජාත්‍යන්තර පාසල - තත්ත්පර 22.317)
  • කවපෙත්ත විකිසිරීම:0 වයස 17න් පහළ බාලක 0 එස්.පී. පසිඳු බවන්ත (අකුරම්බොඩ වීර කැප්පෙට්ටිපොල ජාතික පාසල මීටර් 57.77)
  • දුර පැනීම:- වයස 21න් පහළ බාලිකා - විදුෂා ලක්ෂානි (මීගමුව නිවුස්ටඞ් බාලිකා විදුහල - මීටර් 6.00)
  • මීටර් 200:- වයස 21න් පහළ බාලිකා - මූලික වටය)
  • රුමේෂිකා කුමාරි රත්නායක (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල (තත්ත්පර 24.50)
  • මීටර් 200 :- වයස 15න් පහළ බාලක - (මූලික වටය)
  • එස්.ඞී. ප‍්‍රමෝද් පියුමික (කිරිල්ලවල මැදි විදුහල තත්තපර 23.27)

 


අදහස් (0)

නව වාර්තාවක් පිහිටවූ ප්‍රමෝද්ට අවසන් තරගය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.