Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තය කඩුලූ 8 ට 637 යි

නවසීලන්තය කඩුලූ 8 ට 637 යි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගයේ තෙවැනි දිනය වූ අද (29) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 637 ක් රැස්කර ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

 

තෙවැනි දිනය අවසන් වන විට නවසීලන්ත කඩුලූ 2 ක් අතැතිව ලකුණු 286 ක් ඉදිරියෙන් සිටියේය.

කේන් විලියම්සන් පන්දු 244 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 192 ක් ලබා දැවී ගියේය. මෙය 24 හැවිරිදි විලියම්සන්ගේ 8 වැනි ටෙස්ට් ශතකයයි.

නායක බ්‍රෙන්ඩන් මැකලම් (202) සහ කේන් විලියම්සන් දෙවැනි කඩුල්ලට ලකුණු 297 ක සම්බන්ධතාවක් පවත්වමින් විශිෂ්ට තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

බ්‍රෙන්ඩන් මැකලම් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 188 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහර 11 ක් සමගින් ලකුණු 202 ක් රැස් කිරීමට සමත් විය. මෙය මැකලම්ගේ සිවුවැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ ක‍්‍රීඩාව අවසන් වන විට නවසීලන්තය එක කඩුල්ලක් දැවී ලකුණු 249 ක් රැස්කර සිටියේය. ඒ වන විට බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී ලකුණු 153  සහ කේන් විලියම්සන් නොදැවී ලකුණු 76 ක් ලබා සිටියහ.


පාකිස්තානු පිල පළමු ඉනිම  ඕවර 125.4 කදී සියලූ දෙනා දැවී 351 (මොහොමඞ් හෆීෂ් 197, අෂාර් අලී 39, මිස්බා උල් හක් 38, යසීෂා ෂා 25, මාක් ක්‍රෙයිග් 94/7)

නවසීලන්ත පිල පළමු ඉනිම  ඕවර 130 කදී කඩුලූ 8 ට 637 (බ්‍රෙන්ඩන් මැකලම් 202, කේන් විලියම්සන් 192, රෝස් ටේලර් 50, කොරි ඇන්ඩසන් 50, මාක් ක්‍රෙයිග් නොදැවී 34, ටිම් සවුති 50, යසීර් ෂා 169/3, රහට් අලී 89/4)
 

 
- 048


අදහස් (0)

නවසීලන්තය කඩුලූ 8 ට 637 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.