Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 4 ම ජයගත් ඕස්ටේ්රලියානු ක්රීඩිකාවෝ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගෙන සිටිති. ශ්රී ලංකාව පරාජය කිරීමත් සමගම නවසීලන්තයද ප්රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැනට වන් නමුත් අවසන් පූර්ව වටයේදී ඔවුන්ගේ ස්ථානය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග 4 ම නිමාවට පත්ව ඇති අතර තරග 2 ක් ජයගත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සතුව ඇත්තේ ප්රසාද ලකුණු 4 ක් පමණි. ශ්රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය -1.460 කි.
නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය +0.138 කි. එබැවින් නවසීලන්තය ප්රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැනටත්, ශ්රී ලංකාව තුන්වැනි තැනටත් පත්ව තිබේ.
කෙසේ වෙතත් ශුද්ධ ලකුණු වේගය අනුව දකුණු අප්රිකාව (+0.685) සහ නවසීලන්තය (+0.138) අතර පවතින පරතරය හේතුවෙන් යම් හෙයකින් හෙට පැවැත්වෙන තරගයේදී දකුණු අප්රිකාව ජයගතහොත් නවසීලන්තය ඉවතට ඇද දමමින්, අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව දකුණු අප්රිකාවට උදාවනු ඇත.
දකුණු අප්රිකානු ක්රීඩිකාවන් මෙම වාසිදායක තත්ත්වය අත්කර ගත්තේ තරගාවලිය ආරම්භයේදීම ලකුණු 65 කින් නවසීලන්ත ක්රීඩිකාවන් පරාජය කළ බැවිනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.