Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තය නිර්භය තීරණයක

නවසීලන්තය නිර්භය තීරණයක

editorial - 2021 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට තවත් මාස 2 කට වැඩි කාලයක් තිබියදීම ඊට සහභාගිවන 16 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතය නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී ආරම්භවීමට නියමිතය.
 
කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත සංචිතයේ ප්‍රධාන දඟපන්දු යවන්නන් ලෙස මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝධි හා ටොඩ් ඇස්ට්ල් නම් කර තිබේ. අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මාක් චැප්මන් සහ ග්ලෙන් පිලිප්ස් දෙදෙනාත් සිටිති.

වේගපන්දු යවන්නන් ලෙස ටේ‍රන්ට් බෝල්ට්, ටිම් සවුති, ලොකී ෆර්ගසන් සහ කයිල් ජැමීසන් යන ක්‍රීඩකයින්ද තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් ජේම්ස් නීශම් සහ ඩැරල් මිචෙල් දෙදෙනාද  සංචිතයට ඇතුලත්ව සිටිති.

කඩුලු රකින්නා ලෙස ටිම් සෙයිෆර්ට් කටයුතු කරන අතර ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සහ මුල් පෙළ පිතිකරු ඩෙවොන් කෝන්වේ පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇත. ඇඩම් මිල්න් 16 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇති නමුත් යම් කිසි ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් ඔහු සංචිතයට ආදේශ කරනු ඇත.

කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන රොස් ටේලර් සහ තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් මෙම සංචිතය සඳහා නම් නොකිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇත. නමුත් සැප්තැම්බර් 1 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භවන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියට සහ සැප්තැම්බර් 17 වැනිදා පාකිස්තානයට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට නම්කළ සංචිතයේ කිසිම ක්‍රීඩකයකු සහභාගි නොවනු ඇත.

කෙසේ වෙතත් පාකිස්තානයේදී පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට නම්කළ සංචිතයේ සිටින ටොඩ් ඇස්ට්ල්, මාක් චැප්මන්, මාටින් ගප්ටිල්, ඩැරල් මිචෙල් සහ ඉෂ් සෝධී ක්‍රීඩා කරනු ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මැයි මාසයේ අත්හිටුවීමෙන් පසුව නැවතත් එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේදී පැවැත් වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි කොටස සඳහා එක්වන එම ක්‍රීඩකයන් 5 දෙනා ඉන් අනතුරුව පාකිස්තානු විස්සයි20 තරගාවලියට එක්වනු ඇත.

බංග්ලාදේශ සහ පාකිස්තානු සංචාරයන්හිදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටොම් ලේතම් හට හිමිවී ඇත.

අයි.සී.සී. ලෝක කුසලාන විස්සයි20 තරගාවලියෙන් අනතුරුව විස්සයි20 තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් සඳහා නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත. ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට නම්කර ඇති සංචිතයම ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කරන නමුත් ටෙස්ට් සංචිතය තවමත් නම්කර නොමැත.


විස්සයි-20  ලෝක කුසලාන සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොඩ් ඇස්ට්ල්, ට්‍රෙන්ට් බෝල්ට්, මාක් චැප්මන්, ඩෙවොන් කෝන්වේ, ලොකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, කයිල් ජැමීසන්, ඩැරිල් මිචෙල්, ජේම්ස් නිශම්, ග්ලෙන් පිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධී, ටිම් සවුති සහ ඇඩම් මිල්න් (ක්‍රීඩකයකු ආබාධයට ලක්වුවහොත් පමණක් ආදේශ කරනු ඇත)


බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 සහ පාකිස්තානු එක්දින තරගාවලිය
ටොම් ලේතම් (නායක), ෆින් ඇලන්, හමිෂ් බෙනට්, ටොම් බ්ලන්ඩල්, ඩග් බ්‍රේස්වෙල්, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම්, ජේකොබ් ඩෆී, මැතිව් හෙන්රි (එක්දින තරගාවලියට), ස්කොට් කුග්ලේජ්න්, කෝල් මැක්කොන්චි, හෙන්රි නිකොල්ස්, අජාස් පතෙල්, රචින් රවින්ද්‍ර, බෙන් සීයර්ස් (විස්සයි20 තරගාවලියට), බ්ලෙයාර් ටික්නර් සහ විල් යංග්.


පාකිස්තානු විස්සයි20 තරගාවලියට නම් කළ සංචිතය
ටොම් ලේතම් (නායක), ෆින් ඇලන්, ටොඩ් ඇස්ට්ල්, හමිෂ් බෙනට්, ටොම් බ්ලන්ඩල්, මාක් චැප්මන්, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම්, මාටින් ගප්ටිල්, මැතිව් හෙන්රි, ඩැරිල් මිචෙල්, අජාස් පතෙල්, ඉෂ් සෝධී, බෙන් සීයර්ස්, බ්ලෙයාර් ටික්නර් සහ විල් යංග්.

- 2079

 


අදහස් (0)

නවසීලන්තය නිර්භය තීරණයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.