Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සහ ඉන්දියා මහරාජාස් කණ්ඩායම අතර ඊයේ (22 වැනිදා) ඕමානයේ අල් ඇමෙරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 2 කට සහභාගි වී ඇති වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය වර්ල්ඩ් ජයන්ට්ස් ක්‍රීඩකයෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉම්රාන් තාහීර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 19 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ආරම්භක පිතිකරු කෙවින් පීටර්සන් පන්දු 27 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. බ්‍රැඩ් හැඩින් පන්දු 13 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, නායක ඩැරන් සැමී පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද, මෝනි මෝකල් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා මහරාජාස් කණ්ඩායම ආරම්භක පිතිකරු නාමන් ඕජාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 3 ක් දැවි ලකුණු 209 ක් රැස්කළේය. එහිදී පන්දු 68 කට මුහුණදුන් ඕජා හයේ පහර 9 කින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය සැරසුවේය. එය මෙම තරගාවලියේදී මෙතෙක් වාර්තා වූ එකම ශතකයද විය.
ලකුණු 15 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී නායක මොහොමඩ් කයිෆ් (නොදැවී 53) සමග එක්ව පන්දු 109 කදී ලකුණු 187 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕජා සමත් විය. පන්දු 47 කදී වාර්තා වූ කයිෆ්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සමන්විත විය. එහිදී වසීම් ජාෆර් සහ සුබ්‍රමනියම් බද්‍රිනාත් ලකුණු ලබාගැනීමටත් පෙර පිට පිටම පන්දු දෙකකදී පිටියෙන් ඉවත් කිරීමට රයන් සයිඩ්බොටම් සමත් විය.
ඉන්දියා මහරාජාස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 209
(නාමන් ඕජා 140, මොහොමඩ් කයිෆ් නොදැවී 53, රයන් සයිඩ්බොටම් 20/2)
වර්ල්ඩ් ජයන්ට්ස් පිල - ඕවර 19.3 කදී කඩුලු 7 කට 210
(කෙවින් පීටර්සන් 53, බ්‍රැඩ් හැඩින් 21, ඩැරන් සැමී 28, මෝනි මෝකල් 21, ඉම්රාන් තාහීර් නොදැවී 52, ස්ටුවට් බිනී 22/2, මුනාෆ් පටේල් 51/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.