Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නාලන්ද විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයක් ඊයේ (15 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන්විය. තරගය ගම්පහ කදිරාණ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් නාලන්ද විද්‍යාල පිතිකරුවන් ලකුණු 253 කට සියලූ දෙනාම දැවී ගිය අතර 2 වන කඩුල්ල සඳහා අයි. සමරසිංහ සහ සෙනුර අමරසිංහ එක්වී ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනගූ අතර දෙදෙනාම අර්ධ ශතක ලබන්නට සමත්වූහ. ඒ. සේනානායක ලකුණු 41 කට කඩුලූ 5 ක් බිද හෙලීය.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බණ්ඩාරනායක විද්‍යාලය පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් සියලූ දෙනාම දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 136 ක් පමණි. පිට පිට දෙවන වරටත් පන්දුවට පහරදුන් බණ්ඩාරනායක විද්‍යාලයීය පිතිකරුවන් යළිත් අසාර්ථක කිරීමට ප‍්‍රමුද් හෙට්ටිවත්ත ප‍්‍රමුඛ නාලන්ද පන්දු යවන්නන් සමත්විය. ඉනිම දෙකකදී ලකුණු 79 කට කඩුලූ 9 ක් බිද දැමීමට ප‍්‍රමුද් හෙට්ටිවත්ත සමත්වු අතර අනෙක් පසින් ඔහුට මනා සහයක් දෙමින් කවිදු බංඩාරද ලකුණු 77 කට කඩුලූ 6 ක් බිද දැමීමට සමත්විය.
ලකුණු 79 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නාලන්ද පිතිකරුවන්ට දිනය අවසානයේ ලබා ගත හැකිවුයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 38 ක් පමණි.
නාලන්ද විදුහල පළමු ඉනිම ඕවර 69.3 කදී සියලූ දෙනාම දැවී 253
(අයි. සමරසිංහ 54, සෙනුර අමරසිංහ 54, ඒ. සේනානායක 41/5, එල්. කුමාර 50/2, ඞී. සමෝදන 84/2)
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම ඕවර 49.4 කදී සියලූ දෙනාම දැවී 136
(එස්. සසංක 40, ඞී. විතාන 29, කවිදු බංඩාර 34/4, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 31/3, මාධව අනුතාර 24/2)
බණ්ඩාරනායක විදුහල දෙවන ඉනිම ඕවර 57.5 කදී සියලූ දෙනාම දැවී 195
(ඒ. අධිකාරී 36, ඞී. විතාන 33, යූ. සුවින්ද 30, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 48/6, කවිදු බංඩාර 43/2)
නාලන්ද විදුහල දෙවන ඉනිම ඕවර 5 කදී කඩුලූ 3 ක් දැවී 38
(ප‍්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.