Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සමත්ව තිබේ. ඒ ගොඩිගමුවේදී පැවැති තරගයකදී අකුරණ අසාර් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමිනි.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිඳු මදුරංග 94 කට කඩුලු 9 ක් දවාගත් අතර එම විදුහලේම නඳුන් කල්හාර (102) ශතකයක් ලබාගත්තේය.
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49 කදී සියලු දෙනා දැවී 198
(මහිඳු මලිත් 47, සලිඳු මල්මින 41, දසුන් අචිර 28, එස්.එම්.එම්. සහිධ් 66/5, එම්.ආර්.එම්. යූසෆ් 41/2)
අසාර් විදුහල් පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 100
(එස්.එච්.එම්. අර්කින් 34, එම්.ඉසෙඞ්.එම්. අයේෂ් 22, කවිඳු මදුරංග 26/5, මහිඳු මලිත් 20/2)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 67.4 කදී කඩුලු 5 ක් දැවී 277
(නඳුන් කල්හාර 102, තත්සුක ඉන්දීප 43, සලිඳු මල්මින 38, නිතුම් කනිෂ්ක නොදැවී 37, ඒ.එම්.එම්. අමර් 45/2)
අසාර් විදුහල් පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 7 ක් දැවී 148
(එම්.ඒ.එම්. සාකිර් නොදැවී 78, එම්.ඉසෙඞ්.එම්. අයියාස් 23, කවිඳු මධුරංග 68/4, මහිඳු මලිත් 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.