Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබල සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 21-13 ක විශිෂ්ට ජයක් වාර්තා කළ නාවික හමුදා රග්බි ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී ඉරිදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 7--6 කින් පෙරමුණ ගත් නැවියන් තරගය පුරා ගෝල 3ක් රැස් කිරිමට සමත්වූ අතර සී.ආර්. කණ්ඩායම ලැබුවේ ගෝලයක් සහ දඬුවම් පහර දෙකක් පමණි.
තරගයේ 9 වැනි මිනිත්තුවේදී නිවංක ප්‍රසාද් තැබූ අනගි උත්සාහක දිනුමක් තිළිණ වීරසිංහ ගෝලයක් බවට පත් කිරීමෙන් නාවික හමුදා පිල ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. තරගයේ පළමු භාගය නිමාවීමට පෙර රීසා මුබාරක් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් සී.ආර්.පිලේ ගෞරවය රැකගත්තේය.
දෙවැනි භාගයේදී සී.ආර්. පිලේ ක්‍රීඩකයන් පීඩනයට හසු කළ නැවියන් 44 වැනි මිනිත්තුවේ දී ළහිරු හේරත් තැබූ අනර්ඝ උත්සාහක දිනුමක් වීරසිංහ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 14--6 කින් ඉහළ නංවා ගත්හ. 65 වැනි මිනිත්තුවේ දී චරිත් සිල්වා තැබූ උත්සාහක දිනුමක් වීරසිංහ ගෝලයක් බවට පත් කිරිමෙන් ලකුණු 21--6 කින් පෙරමුණ ගත් නාවික හමුදා පිල තරගයේ ජයග්‍රහණයේ දොරකඩට පිවිසියහ.
අවසන් මොහොතේ දී සී.ආර්. පිලේ තරින්ද රත්වත්ත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්වූවත් නැවියන්ගේ ජයග්‍රහණයට ඉන් බාධාවක් නොවීය. රීසා මුබාරක් එය ගෝලයක් බවට පත් කිරීමෙන් පසුවත් දෙපිල අතර ලකුණු පරතරයේ වැඩි අඩුවක් නොවිණි.
- 066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.