Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවික හමුදාවට පහසු ජයක්

නාවික හමුදාවට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයහපත් කාලගුණයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ අභියෝගයත් දෙකම අබිබවා ගිය නාවික හමුදා ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පස්වැනි තරගයෙන් ලකුණු 10-0 ක සටන්කාමී ජයක් අත්කර ගැනීමට සමත්වූහ.

එක දිගට ඇද හැලෙන්නට වූ වර්ෂාව නිසා වැලිසර නැවියන්ගේ පිටියේ ඊයේ පැවැති මේ තරගය ආරම්භයේ සිටම දෙපිලටම අභියෝගාත්මක එකක් බවට පත්වීය. එහෙත් තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 7-0 කින් පෙරමුණ ගත් නැවියෝ තරගයේ පාලනය අතට ගත්හ.

මෙවර තරගාවලියේ අඩු ලකුණු සංඛ්‍යාවකින් නිමාවට පත්වූ පළමු තරගය බවට පත් වූ මේ තරගයේ පළමු භාගයේ දුලාංජන විජේසිංහ තැබූ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 7 ක් වාර්තා වූ අතර දෙවැනි භාගයේ දී වාර්තා වූයේ තිළිණ වීරසිංහ සාර්ථක කරගත් දඬුවම් පහර පමණි.

වර්ෂාව දෙපිලටම අභියෝගයක් වූ අතර තරගයේ ආරම්භයේ සිටම දෙපිලම පන්දුව බිමට අත්හැරීම් ගණනාවකටම මුහුණ දුන්නේය. මීට අමතරව ලැබූ දඬුවම් පහර රැසක් වර්ෂාව නිසාම දෙපිලේහිම ක්‍රීඩකයන්ගෙන් ඉලක්ක වැරැදී ගියේය. තෙත බරිත වූ ක්‍රීඩා පිටියේ එකිනෙකා හා පොර බඳිමින් ප්‍රතිවාදී සීමාව කරා දිව යාම සෑහෙන වෙහෙසක් දැරිය යුතු වූවාක් බවට පත්වී තිබිණි.

 


අදහස් (0)

නාවික හමුදාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.