Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවික හමුදාවට - ගාල්ලට ඉනිමක ජයක්

නාවික හමුදාවට - ගාල්ලට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ දෙවැනි සතියේ තරග අද (9 වැනිදා) අවසන්වූ අතර එහිදී ඉනිමක ජයක් හිමිකර ගැනීමට නාවික හමුදා සහ ගාල්ල කණ්ඩායම් සමත්විය.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මහනුවර කස්ටම්ස් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 65 ක ජයක් හිමිකර ගැනීමට නාවික හමුදා පිල සමත්වූ අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගුවන් හමුදා පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 20 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල පිල සමත්විය.

මෙම සති අන්තයේදී තවත් තරග 3 ක් අවසන් වූ අතර එහිදී සෙබස්තිනයිට්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට පානදුර පිලත්, කළුතර නාගරික පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට පොලිස් පිලත් සමත්විය. වරාය අධිකාරිය සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේය.

ගාල්ල පිලේ විනුර දුල්සර (101) සහ වරාය අධිකාරිය පිලේ හස්නෙයින් බොඛාරී (121) මෙම සති අන්තයේදී වාර්තා වූ ශතක 2 ට හිමිකම් කියූ අතර කුරුණෑගල යොවුන් පිලේ කේෂාන් වන්නිආරච්චී (97) ශතකය පෙනි පෙනී දැවී ගියේය.

සවිඳු පිරීස් (නාවික හමුදාව) ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් ලකුණු 74 කට කඩුලු 10 ක් ද චලන ද සිල්වා (පානදුර) සහ ඉෂාන් අබේසේකර (කළුතර නාගරික) කඩුලු 9 බැගින් ද දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සචිත්‍ර පෙරේරා (මහනුවර කස්ටම්ස්), නිලංක පතිරණ (නාවික හමුදා), අරවින්ද ප්‍රේමරත්න (ගුවන් හමුදාව), කවික දිල්ෂාන් (ගාල්ල), අසාර් අට්ටාරී (පානදුර), චානක කොමසාරු (වරාය අධිකාරිය), නවින් කවිකාර (කුරුණෑගල යොවුන්) යන ක්‍රීඩකයින් ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

නාවික හමුදා පිලට ඉනිමක ජයක්
මහනුවර කස්ටම්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
මහනුවර කස්ටම්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 46
(සවිඳු පිරීස් 07/5, ඩිලංක අවර්ඞ් 21/4)
නාවික හමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 300
(සුපුන් ලීලාරත්න 62, තරුෂාන් ඉද්දමල්ගොඩ 65, ඩබ්ලිව්.මයන්ත 25, ශලිත් ප්‍රනාන්දු 58, සවිඳු පිරීස් 28, සචිත්‍ර පෙරේරා 110/5, උමේග චතුරංග 48/2, සම්පත් පෙරේරා 51/2)
මහනුවර කස්ටම්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 189
(අකිල් ඉන්හාම් 38, චිරාග් කුරාන් 40, දේව් සිං 23, සම්පත් පෙරේරා නොදැවී 40, නිලංක පතිරණ 64/5, සවිඳු පිරීස් 67/5)

 

ගාල්ල පිලට ඉනිමක ජයක්
ගුවන් හමුදාව සහ ගාල්ල කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 96
(උදයවංශ පරාක්‍රම 22, නිලුෂාන් නෝනිස් 23, කවික දිල්ෂාන් 29/3, සාරංග රාජගුරු 07/2)
ගාල්ල පළමු ඉනිම -  සියලුදෙනා දැවී 275
(ජාකොබ් සචින් 35, විනුර දුල්සර 101, සාරංග රාජගුරු 32, කවික දිල්ෂාන් 26, අරවින්ද ප්‍රේමරත්න 58/5, රෂින්ද්‍ර සිල්වා 65/2)
ගුවන් හමුදා දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 159
(රවිඳු සෙම්බුකුට්ටිගේ 22, ලක්වින් වීරසූරිය 42, උදයවංශ පරාක්‍රම 21, මාධව නිමේෂ් 32, කවික දිල්ෂාන් 65/5, සාරංග රාජගුරු 16/3, රවිෂ්ක විජේසිරි 33/2)

 

පානදුර පිලට කඩුලු 7 ක ජයක්
සෙබස්තිනයිට්ස් සහ පානදුර කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 126
(කිරන් ජෝෂී 33, ප්‍රභාත් ද සොයිසා 21, චලන ද සිල්වා 28/5, උමේෂ් කරුණාරත්න 30/3)
පානදුර පළමු ඉනිම -  සියලුදෙනා දැවී 238
(විශ්ව චතුරංග 46, සංජික රිද්ම 39, හර්ෂ කුරේ 20, උමේෂ් කරුණාරත්න 56, රාජු ගයාෂාන් 21, රොෂාන් ජයතිස්ස 23, නවීන් ගුණවර්ධන 40/4, කුමාර් බොරෙස 66/4)
සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 211
(කිරන් ජෝෂී 59, සචින් ප්‍රනාන්දු 49, ප්‍රභාත් ද සොයිසා 21, අසාර් අට්ටාරී 27/5, චලන ද සිල්වා 104/4)
පානදුර දෙවැනි ඉනිම -  කඩුලු 3 ක් දැවී 102
(මින්හාජ් ජලීල් නොදැවී 58, කුමාර් බොරේසා 44/2)

 

පොලිස් පිලට කඩුලු 3 ක ජයක්
කළුතර නාගරික සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික පළමු ඉනිම -  සියලුදෙනා දැවී 160
(නවීඞ් සර්වාර් 21, හසිත නිර්මාල් 45, ආර්.පුංචිහේවා 37, අසෙල් සිගේරා 30/4, මොහොමඞ් ෆාහිම් 43/3, සුජාන් මයුර 21/2)
පොලිස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 184
(ලක්ෂාන් රොඩිරිගූ 25, මදුරංග සොයිසා 49, වී.ඉන්දුල්කාර් 20, ගිතාන්ෂ් කේරා 65, ඉෂාන් අබේසේකර 48/5, ආර්.පුංචිහේවා 34/2, හසිත නිර්මාල් 50/2)
කළුතර නාගරික දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 160
(හෂාන් චාමර 23, එරංග රත්නායක 34, ආර්.පුංචිහේවා 24, ඉෂාන් අබේසේකර 40, මංජුල ජයවර්ධන 31/4, ළහිරු දියන්ත 44/3, අසෙල් සිගේරා 37/2)
පොලිස් දෙවැනි ඉනිම -  කඩුලු 7 ක් දැවී 137
(සුපුන් මධුෂංක 31, ගිතාන්ෂ් කේරා නොදැවී 43, ඉෂාන් අබේසේකර 76/4, හසිත නිර්මාල් 33/3)

 

වරාය අධිකාරිය පිලට පළමු ඉනිමේ ජයක්
වරාය අධිකාරිය සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 235
(සමීර සඳමාල් 21, කේෂාන් වන්නිආරච්චී 97, රංදීර රණසිංහ 82, චානක කොමසාරු 72/5, රජීව් වීරසිංහ 57/4)
වරාය අධිකාරිය පළමු ඉනිම -  සියලුදෙනා දැවී 331
(රමේෂ් නිමන්ත 31, බින් නසීර් 26, අදීෂ නානායක්කාර 33, ඉෂාන් රංගන 35, හස්නෙයින් බොඛාරී 121, නවින් කවිකාර 102/5, ශිවකුමාර් ටිරෝන් 98/3)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම -  කඩුලු 9 ක් දැවී 309
(මාලිංග මලිගස්පේ 89, සයින් අබ්බාස් 22, විනෝද් පෙරේරා 29, රංදීර රණසිංහ 37, ළහිරු ජයරත්න නොදැවී 55, නවීන් කවිකාර 20, ශිවකුමාර් ටිරෝන් නොදැවී 22)
වරාය අධිකාරිය දෙවැනි ඉනිම -  කඩුල්ලක් දැවී 55
(යොහාන් ද සිල්වා නොදැවී 21, රමේෂ් නිමන්ත 24)

 


අදහස් (0)

නාවික හමුදාවට - ගාල්ලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.