Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් සමාජ නැඟීඑන කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට සූදානමින් පසුවන්නේය. තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 26 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ලබන අතර මූලික වටයේ තරග අප්‍රේල් 3 වැනිදා අවසන් වේ.
‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින් ද, ‘බී’ සහ ‘සී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ද ඇතුළත්ව ඇත.
එක් කණ්ඩායමක් සඳහා වයස 23 න් පහළ ක්‍රීඩකයන් 9 දෙනෙකු සහ වයස 23 න් ඉහළ ක්‍රීඩකයන් 2 දෙනෙකු ඇතුළත් විය යුතුය.
‘බී’ සහ ‘සී’ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය අප්‍රේල් මස 1, 2 සහ 3 දිනයන්හී පැවැත්වේ. ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අතර දෙවන අවසන් පූර්ව තරගය අප්‍රේල් මස 8, 9 සහ 10 දිනයන්හී පැවැත්වේ.
පළමු අවසන් පූර්ව තරගයේ සහ දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතර අවසන් මහා තරගය අප්‍රේල් මස 22, 23 සහ 24 දිනයන්හිදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණ මෙතෙක් තීරණය කර නොමැත.
‘ඒ’ කාණ්ඩය
එස්.එස්.සී, සී.සී.සී, මූවර්ස්, ලන්කන්, නාවික හමුදාව, ගුවන් හමුදාව, සෙබස්තිනයිට්ස්
‘බී’ කාණ්ඩය
එන්.සී.සී, හලාවත මේරියන්ස්, මීගමුව, සැරසන්ස්, කුරුණෑගල යොවුන්, බ්ලූම්ෆීල්ඩ්
‘සී’ කාණ්ඩය
ද්‍රවිඩ සංගමය, රාගම, බදුරලිය, පානදුර, පොලිස්, නුගේගොඩ
‘ඩී’ කාණ්ඩය
කෝල්ට්ස්, බී.ආර්.සී, යුදහමුදාව, ඒස් කැපිටල්, කැන්ඩි කස්ටම්ස්, ගාල්ල, කළුතර නාගරික
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.