Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව නඩු 225ක් පමණ විභාගවෙමින් පවතින අවධියක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට ගත් තීරණයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා රට තුළ ක්‍රිකට් අර්බුදයක් පමණක් නොව දේශපාලන අර්බුදයක්ද නිර්මාණය කර ඇතැයි ඔහුගේ හිටපු උපදේශකවරයා ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වමින් මාධ්‍ය නිවේදනයක් පෙරේදා (21) නිකුත් කළ චන්ද්‍රසේකර මහතා පවසන්නේ අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා පනත උල්ලංඝනය වන ආකාරයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට පත් කිරීමත් එයින් නොනැවතී කෙසේ හෝ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ගත් උත්සහය රටේ අළුත ක්‍රිකට් අර්බුදයක් නිර්මාණය කළ බවයි.
ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකකට ශ්‍රී ලංකාව සහභාගිවීමට සූදානම්ව සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විචාරයකින් තොරව අත්හිටුවමින් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා ගත් ක්‍රියාමාර්ගය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳදැමීමටත් ඔහුගේ එම ක්‍රියාව හේතුවී ඇතැයිද නිවේදනයේ චන්ද්‍රසේකර මහතා කරුණු ගෙනහැර දක්වයි.
එහිදී වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ජේ. අමිත්බහායි ෂා මහතා නිර්දය ලෙස විවේචනය කිරීමට ඇමැති රොෂාන් රණසිංහ මහතා දැරූ උත්සාහයන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් පැනනැගීමේ තත්වයක්ද පැනනැගුණු බවයි.
ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතාගේ නිවේදනයේ සාරංශගත කරුණු කීපයක් මෙසේය.
ක්‍රිකට් ප්‍රශ්නයේ දී ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා ඇමැතිවරයාට ලබාදෙන උපදෙස් ඔහු විසින් නොසළකා හැර තිබෙනවා පමණක් නොව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම ද ඉවත දමා තිබේ. අවසානයේ දී ඇමැතිවරයා ජනාධිපතිවරයා ද මෙම ප්‍රශ්නයේ දී නොසළකා හැර තිබේ.
මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයා විපක්ෂයේ අතකොළුවක් බවට පත්වීමෙන් ඔහුට මෙම ප්‍රශ්නයේ දී ආණ්ඩු පක්ෂයේ සහයෝගය අහිමිවී ගොස් තිබේ.
ක්‍රිකට් ආයතනය විගණන වාර්තාවන්ට අනුව වරදක් කර ඇත්නම් එය විසඳිය යුත්තේ අධිකරණය විසිනි. පදනමක්ද නැති කාරණා මගින් ඇමැතිවරයා විසින් මටත් ෂම්මි සිල්වා හා සාගල රත්නායක යන මහත්වරුන්ටත් ඔහුට මරණ තර්ජන කළ බවට චෝදනා කරමින් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඉල්ලා ඇති බවද වාර්තා විය.
ගැලරියට කතා කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාගත නොහැකිය. හොරු බලවත් යයි කියමින් ඇමැතිවරයා විසින් රටේ පාපන්දු, රග්බි ආදි පරිපාලන ඒකක ද පසුගිය කාලයේ අත්හිටුවීමට කටයුතු කළත් අවසානයේ දී ඒවායේ තනතුරුවලට යළි පත්ව ඇත්තේ ද ඇමැතිවරයා සොරුන් යැයි කියපු නිලධාරීන්මය. ඉන් ප්‍රදර්ශනය වී ඇත්තේ වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ නොහැකියාවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.