Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිදහස් කුසලාන උතුරට
අන්තර් පළාත් පාපන්දු

නිදහස් කුසලාන උතුරට

editorial - 2022 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ යාපනයේ සිට)

අන්තර් පළාත් පාපන්දු නිදහස් කුසලාන දිනාගැනීමට ‘උතුර’ කණ්ඩායම සමත්විය. ඒ අද (5) පස්වරුවේදී යාපනය ‘දොරේ අප්පා’ පිටියේදී පැවැති අවසන් මහ තරගයේදී ‘දකුණ’ කණ්ඩායම ගෝල 3-1 කට පරාජය කරමිනි.

‘දොරේ අප්පා’ පිටියට රැස්වූ 10000 කට ආසන්න නරඹන්නන් පිරිසක් මධ්‍යයේ සිය ජයග්‍රහණය සැමරූ උතුර කණ්ඩායම නිදහස් කුසලාන දිනාගැනීමේදී කැපී පෙනුණු සිදුවීම වන්නේ අපරාජිතව තරග සහභාගිත්වය අවසන් කිරීමට සමත්වීමය.

ඒ මුලු තරගාවලිය පුරා තරග 10කට සහභාගි වෙමිනි. මෙහිදී ඊයේ තරගයේ ආරම්භයේ සිට උතුරු පළාත් ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසුවෙමින් ගෝල 2-0කට පළමු භාගය අවසන් කළහ.
තරගයේ අවසන් භාගයේදී දෙපිලේ ක්‍රීඩකයින් දෙපිරිසක් අතර ගැටුම්කාරි තත්වයක් උද්ගත වුවත් එය තරගය පවත්වා ගෙනයාමට බාධාවක් නොවීය.  දැඩි පොලිස් ආරක්ෂාවක් මුලු ක්‍රීඩාංගණයම ආවරණය වන පරිදි යොදවා තිබුණි.

ජයග්‍රාහී ‘උතුර’ කණ්ඩායමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතින් කුසලාන ප්‍රදානය කෙරුණි. 23, 45 හා 59 වැනි විනාඩි වලදී වයි. විග්නේෂ්, කේ. තෙනුෂාන් සහ නායක මරියදාසන් නිතර්ෂන් උතුරට ගෝල වාර්තාකර දුන්හ. ඒ අතර තරගය අවසන් භාගයට පැමිණ තිබියදී යොවුන් ක්‍රීඩක දේශාන් දුමිඳු දකුණු පිල නිලකුණු තත්වයෙන් ගලවමින් ඔවුන්ට එකම ගෝලය ලබාදුන්නේය.

තරගාවලිය පුරාම කැපීපෙණුනු ජයග්‍රාහී උතුරු පිලේ නායක මරියදාසන් නිතර්ෂන් ඊයේ ජයසංකේත ප්‍රදානෝත්සවයේදී ද්විත්ව සම්මාන ලැබීය. ඒ තරගාවලියේ හා ක්‍රීඩකයාට හිමි ‘රන් ගෝල’ සම්මානය හා හා වැඩිම ගෝලලාභියාට හිමි ‘රන් සපත්තුව’ සම්මානය ලබමිනි.

නැගෙනහිර පිලේ මොහොමඩ් මුර්ෂිත් හොඳම දැල් රකින්නාටද, එම පිලේම මොහොමඩ් මුර්ෂික් හොඳම නැගී එන ක්‍රීඩකයාටද සම්මාන ලැබූහ.
 


අදහස් (0)

නිදහස් කුසලාන උතුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.