Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොවිඩ් වසංගත තත්ත්වය හා උසාවි නියෝග හමුවේ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ හයක් පැවැත්වීම තවදුරටත් දින නියමයක් නැතිව කල් දමා තිබේ. මෙම සියලු නිලවරණ පසුගිය මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබූ ඒවා විය. එම ජාතික ක්‍රීඩා සම්මේලන වන්නේ හොකී, සවී එසවීම, දැල්පන්දු යන ක්‍රීඩා සම්මේලනයි.
ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හා ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනයේ නිලවරණ පැවැත්වෙන දිනයන් තහවුරු කිරීමට නොහැකි වී ඇත්තේ මේ වනවිට එම නිලවරණ දෙකටම එරෙහිව අධිකරණයේ වාරණ නියෝග නිකුත්ව තිබීම නිසාය.
සිව් වතාවක්ම කල් ගිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මෙම 22 වැනිදා පස්වරු 1.30 රිඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ එළිමහන් පරිශ්‍රයේදී පැවැත්වෙන බව දැන් ප්‍රකාශ වී තිබේ. කෙසේ වුවත් එහි මෙවර උත්සාහයත් යම් අවිනිශ්චිත තත්ත්වයක් ගෙනදී ඇත්තේ රට තුළ සංචරණ සීමා මෙම 21 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙන නිසාය.
ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ එදින නිලවරණය පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය හැකි සෑම උත්සාහයක්ම දරන බවයි. පාපන්දු නිලවරණය සඳහා සහභාගි වන දිවයින පුරා සිටින ලීග් නියෝජිතයන්ට එදින කොළඹට පැමිණ ඡන්දය ප්‍රකාශ කර ආපසු කඩිනමින් ගම් පළාත්වලට පිටත් කර යැවීම සඳහා වන වැඩපිළිවෙළක් සූදානම් කර ඇතැයි ඔහු පැවසීය.
අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඡන්ද නියෝජිතයන්ට ගමන් අවසර පත් ලබාදීමට ද කටයුතු කෙරේ. පාපන්දු සම්මේලනයේ නිලවරණය ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම දුෂ්කර වී ඇත්තේ දෙපාර්ශ්වයක් තරග වදින එහිදී යොදා ගන්නේ රහස් ඡන්ද ක්‍රමය බැවිනි.
මේ අතර ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ හා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණ පිළිවලින් මෙම 29 හා 28 යන දිනවලදී පැවැත්වීමට දැන් තීරණය කර ඇත්තේ එම නිලවරණ කීප අවස්ථාවකදීම කල් දැමීමෙන් පසුවය. සංචරණ සීමා රට තුළ ක්‍රියාත්මක වීම ඊට ආසන්නතම හේතුවයි.
කැරම් ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කැරම් නිලවරණයට එරෙහිව උසාවි වාරණ නියෝගයක් ලබා ගැනීමට පාර්ශ්වයක් සූදානම්වන බව වාර්තා වේ. මෙම නිලවරණයේදී නාමයෝජනා රැසකට එරෙහිව විරෝධතා ගොන්නක් ඉදිරිපත්ව තිබේ. කෙසේ වුවත් නිලවරණයට සහභාගි කර ගන්නා ක්‍රියාකාරී නොවන ක්‍රීඩා සමාජ 25කට ආසන්න ගණනක් පිළිබඳව සඳහන් කරමින් එම පාර්ශ්වය නිලවරණය නීතිවිරෝධී බව කියමින් අධිකරණය හමුවට යෑමට සැලසුම් කර ඇතැයි ද මේ අතර වාර්තා වේ. කෙසේ වුවත් මැයි 28 වැනිදා කැඳවන බව ප්‍රකාශ වී තිබෙන කැරම් සම්මේලනයේ නිලවරණයට ප්‍රකාශිත ඡන්ද ක්‍රමය යොදා ගන්නා බැවින් එය නියෝජිතයන් රැස්කර පැවැත්වීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයද මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවනු ලැබීය. කෙසේ වුවත් එය නුදුරේදීම කැඳවීමේ අපේක්ෂාවෙන් නාමයෝජනා විරෝධතා විභාග කිරීම මෙම 17 වැනිදාට යොදාගෙන තිබුණි. කෙසේ වුවත් සංචරණ සීමා මෙම 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයෙන් නිලවරණ කමිටුවට එදින එම කටයුත්ත අත්හැර දැමීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ උත්සහය වී ඇත්තේ මෙම වසරට නිලවරණ යෙදී තිබෙන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ තවදුරටත් ප්‍රමාද නොකර අවම වශයෙන් ජුනි 30 වැනිදාට පෙරවත් පවත්වා අවසන් කිරීමය. ඊට හේතුව ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණය යෙදී තිබෙන වසරේ මැයි 31 වැනිදාට පෙර එය පවත්වා අවසන් කිරීමට අපොහොසත්වීම ක්‍රීඩා පනතට පටහැණි වන බැවිනි.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය දිනවල ‘සූම්’ තාක්ෂණය ඔස්සේ නිලවරණ කීපයක් පවත්වා නව විධායක සභාවක් පත්කර ගැනීමට ජාතික ක්‍රීඩා සංගම් කීපයක් සමත්ව තිබේ. ඒ අනුව වසර හයකට පසුව පැවැති ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරයට ලයනල් කුමාර මහතා තේරී පත්විය.
ශ්‍රී ලංකා තුරඟ තරග සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරය තහවුරු කර ගැනීමට සුරංජිත් ප්‍රේමදාස මහතා යළිත් සමත් විය.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයට පැවති නිලවරණයේදී යළිත් නිතරගයෙන් පත්වූයේ නේතෲ නානායක්කාර මහතාය. ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවති ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ධුරයට පත්වූයේ එම්.පී. මංගල මහතාය.
පසුගිය මැයි 20 වැනිදා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සිය නිලවරණය යොදාගත් පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සමත් විය. එහිදී ප්‍රතිපාර්ශ්ව නාමයෝජනා ඉවත් කර ගැනීමෙන් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාව නිතරගයෙන් පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.