Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) සම්මේලනයේ නිලවරණය (2024 - 26) අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදී ඇති නඩුව ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර ගැනීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය නැවැත ප්‍රතිෂ්ථාපනය කිරීම සදහා හැකි ඉක්මනින්ම නිලවරණය කැදවීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහාය ලබා දෙන බව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
දැල්පන්දු සම්මේලනයේ සාමාජික සංගම්හි නියෝජිතවරියන්ගේ හමුවක් ඊයේ (19) ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි.දැල්පන්දු සම්මේලනය නැවැත තහවුරු කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග එහිදී සාකච්ඡා කෙරුණි.
ඊට සහභාගිවී සිටි නඩුව පවරා තිබෙන රාජ්‍ය සේවා දැල්පන්දු සංගමයේ සභාපතිනී ට්‍රික්ෂි නානායක්කාර මහත්මියගෙන් එහිදී ඇමැතිවරයා ඉල්ලා සිටියේ නඩුව ඉවත් කර ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් නානායක්කාර මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමන් කරුණු අධ්‍යනය කර තීරණයක් ලබා දෙන බවයි. පසුගිය ජූලි 25 වැනිදා කැදවීමට සූදානම් කර තිබූ දැල්පන්දු සම්මේලනයේ නිලවරණය (2024 - 26) එහි ව්‍යවස්ථාවට හා ක්‍රීඩා පනතට පටහැණිව පැවැතීමට නිලවරණ කමිටුව උත්සහ දරන බවට චෝදනා කරමින් එය අත්හිටුවීමේ නියෝගයක් ලබා ගැනීමට දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක් ද වන ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය කටයුතු කළාය.
ඒ හේතුවෙන් එකී නිලවරණය දින නියමයක් නොමැතිව කල් ගිය අතර එතැන් පටන් මේ දක්වා මෙරට දැල්පන්දු පරිපාලනයද අකර්මණ්‍යවී තිබේ. ඒ වෙනුවට දැනට මෙරට දැල්පන්දු පරිපාලනය පවත්වා ගෙන යාමේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.
ඊයේ රැස්වීමේදී සාමාජික අනු සංගම් නියෝජිතවරියන් රැසක්ම අදහස් දැක්වීමෙන් විටින් විට සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවූ බව වාර්තාවේ.එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ දැල්පන්දු සම්මේලනය අකර්මණ්‍ය වීමෙන් දේශීය තරග මාලා, ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර දැල්පන්දු තරග සභහාගිත්වයටද දැඩි බලපෑම් එල්ලවී තිබෙන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන ක්‍රීඩා ඇමැතිවරයා ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ වලට අතපෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු නොකරන බවත් එහෙත් සම්මේලන පැවැත්ම සදහා දේශපාලනයෙන් තොරව සිය සහයෝගය ලබාදෙන බවයි.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ක්‍රියාත්මක නොවීමෙන් පැවැති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධ්කරණය කළේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි. ඒ සදහා ආසියානු දැල්පන්දු සම්මේලනයේ සභාපතිත්වය දරන උසාවි වාරණය ලබන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ධූරයද දරමින් සිටි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියගේද සහාය ලබා ගැණුනි. කෙසේවූවත් එහිදී ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය. වසර 2016 න් පසුව ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමේ එම සිදුවීම සම්බන්ධයෙන් දැල්පන්දු පරිපාලනය කඩා වැට්ටවූවන්ට ක්ෂේත්‍රයෙන් චෝදනා එල්ල විය.
කෙසේවූවත් එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සනාථ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.