Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරග නීතිරීති හා රෙගුලාසි ක්‍රියාත්මක නොවන්නේ නම් ශ්‍රී ලංකා සුපර් ලීග් ලීග් පාපන්දු තරගාවලියේ පෙර පුහුණු වටයෙන් මෙතැන් සිට ඉවත් වන බවට ‘සුපර් ලීග් ක්‍රීඩා සමාජ එක්සත් සන්ධානය’ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.
තරගාවලියට සහභාගී වන ක්‍රීඩා සමාජ දහයෙන් සමන්විත සුපර් ලීග් ක්‍රීඩා සමාජ එක්සත් සන්ධානය එම ලිපියෙන් දැනුවත් කරන්නේ සිය ලිපියට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් මෙම 16 වැනිදා සිට පැවැත්වීමට නියමිත පෙර පුහුණු වටයේ ඉතිරි තරග වර්ජනය කරන බවයි.
කරුණු 10 ක් පිළිබඳව අවධානය යොමු කරමින් සුපර් ලීග් ක්‍රීඩා සමාජ එක්සත් සංවිධානය යොමු කළ එම ලිපියට එහි සභාපති රෝහිත ප්‍රනාන්දු, ලේකම් රොයිස්ටන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික මිලාන් පෙරේරා යන මහත්වරුන් අත්සන් තබා තිබේ.
පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට සුපර් ලීග් පෙර පුහුණු වටයේ තරග කොළඹ සුගතදාස පිටියේ දී ආරම්භ විය. මෙම 24 වැනිදා දක්වා පෙර පුහුණු වටයේ තවත් තරග අටක් පැවැත්වීමට ඉතිරිව ඇත. සුපර් ලීග් පාපන්දු තරගාවලිය නිල වශයෙන් ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් 17 වැනිදාය. මෙම තරගාවලියේ ක්‍රීඩා සමාජ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ඊට සහභාගීවී සිටින ක්‍රීඩා සමාජ දහසේ එකමුතුවෙන් එක්සත් සන්ධානය නොබෝදා ස්ථාපිත කෙරුණි. මේ අතර පෙර පුහුණු තරග වටයේ දැන් ඇතිවී තිබෙන ව්‍යාකූල තත්ත්වය තවත් වර්ධනය වෙමින් තරගාවලියේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා එම ධුරයේ කටයුතුවලින් ඉවත්ව සිටින බව වාර්තා වේ.
පෙර පුහුණු වටය සඳහා හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයකු වන සුනිල් සෙනවීර මහතා තරග කොමසාරිස්වරයකු ලෙස පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීමක් ලෙස ඔහු සම්බන්ධීකරණ කටයුතු වලින් ඉවත් වන බව පාපන්දු සම්මේලනයට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන සුනිල් සෙනවීර මහතා සුපර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් කර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබඳ විරෝධය පළ කරමින් ඔහු තරගාවලියට සම්බන්ධ කර ගැනීම ගැන ජස්වර් මහතා සිය අකමැත්ත පළ කර ඇතැයි ද එහිදී වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර පෙර පුහුණු වටයේ දැන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙසේ පැවැසීය.
මෙම තරගාවලියේ රෙගුලාසි සම්බන්ධයෙන් යම් අපහැදිලි තත්ත්වයක් ඇතිවී තිබෙනවානම් ඊට වැරැද්ද වෙලා තිබෙන්නේ රෙගුලාසි ගැන ක්‍රීඩා සමාජ නිසි ලෙස දැනුවත් නොකිරීමයි.
මෙහි සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන ජස්වර් උමාර් මහතා මේ වනවිට එම තනතුරෙන් ඉවත් වෙලා ඉන්නවා. නමුත් පාපන්දු සම්මේලනයේ විධායක සභාව දැනුම්වත් කරමින් ඔහුට කළින් ඒ තනතුරේ කටයුතු කරන්න පුළුවන්.
ඔහු ඉවත් වුණා කියලා මෙම තරගාවලිය කඩාකප්පල් වෙන්නේ නෑ. ඒ සඳහා මගේ ප්‍රධානත්වයෙන් පත් කළ මෙහෙයුම් කමිටුවක් තිබෙනවා. ඒ කමිටුවේ නිලධාරීන්ට තරගාවලියේ ඉදිරි කටයුතු කරගෙන යන්න පුළුවන්. වගකීම් ඇති ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම් අපට අනුමත කරන්න බෑ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.