Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුගේගොඩ මහාමායාවෝ ශූරතා මල්ලම රැගෙන යති

නුගේගොඩ මහාමායාවෝ ශූරතා මල්ලම රැගෙන යති

ශානුක අරවින්ද - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 18 වැනි වරටත් සංවිධානය කළ ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලියේ බාලිකා ශූරතා සියල්ලම දිනාගැනීමට නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලියකදී සියලුම වයස් කාණ්ඩවල ශූරතාවන් එකම විද්‍යාලයක් විසින් දිනාගනු ලැබූ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.  

එහිදී දක්ෂ ක්‍රිඩා විලාශයක නිතර වූ මහාමායා බාලිකා විද්‍යාලයේ දේෂානි කෞෂල්‍යා, තරුෂි හිමහංසිකා සහ නුවන්තිකා සංජීවනී තමන් සහභාගි වූ කේවල මෙන්ම යුගල ඉසව්ද ජයගනිමින් ද්විත්ව ශූරතාවන්ට  හිමිකම් කීහ.  

දේශානි කෞෂල්‍යයා
නුවන්තිකා සංජීවනි
තරුෂි හිමහංසිකා

වයස අවුරුදු 15 න් පහළ බාලිකා කේවල ශූරතාව දිනාගත් දේෂානි කෞෂල්‍යා ඉන් නොනැවතී යේෂානි කෞෂල්‍යා සමග එක්ව වයස අවුරුදු 17 න් පහළ බාලිකා යුගල ශූරතාවද දිනාගැනීමට සමත් වූවාය. වයස අවුරුදු 19 න් පහළ බාලිකා කේවල ශූරතාව දිනාගත් නුවන්තිකා සංජීවනී සහ වයස අවුරුදු 21 න් පහළ බාලිකා කේවල ශූරතාව දිනාගත් තරුෂි හිමහංසිකා එක්ව වයස අවුරුදු 21 න් පහළ බාලිකා යුගල ශූරතාව දිනාගත්හ.

බාලක කේවල, බාලක යුගල, බාලිකා කේවල සහ බාලිකා යුගල ලෙස ඉසව් හතරකින් සමන්විත වූ මෙම තරගාවලියේදී 13 න් පහළ,  15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ සහ 21 න් පහළ ලෙස වයස් කාණ්ඩ පහක් යටතේ තරග පැවැත්විණ. දෙල්කඳ ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවති මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් නියෝජනය කරමින් තරගකරුවන් 650 කට අධික පිරිසක් සහභාගි වූහ.

බාලක කේවල තරග

අවුරුදු 13 න් පහළ
නයන ධනංජය (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය) විසින් වට 1-0 ක් ලෙස අබ්දුල් හලීක් (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය) පරාජය කරන ලදි. (24/16)

අවුරුදු 15 න් පහළ
මලික සී. ප්‍රනාන්දු (ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස වජිර හර්ෂණ වාරියපොල ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය) පරාජය කරන ලදි. (25/18, 25/22)

අවුරුදු 17 න් පහළ
අයේෂ් මධුසංක (නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස නඩරාජන් සංඛනිත් (කොළඹ රාජකීය විද්‍යාලය) පරාජය කරන ලදි. (25/04, 25/05)

අවුරුදු 19 න් පහළ
පී.මතුෂාන් (යාපනය කොකුවිල් හින්දු විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස දිසුරු දිල්මිත් (කොළඹ රාජකීය විද්‍යාලය) පරාජය කරන ලදි. (25/16, 25/20)

අවුරුදු 21 න් පහළ
සුරාජ් මධුවන්ත (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් වට 2-0 ක් ලෙස කවිඳු පැතුම් (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි. (25/07, 25/13)
 
බාලිකා කේවල තරග

අවුරුදු 13 න් පහළ
ෂයිනි ඉමායා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 1-0 ක් ලෙස නෙත්මි දිලංකා (මහනුරව උසස් බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (25/06)

අවුරුදු 15 න් පහළ
දේෂානි කෞෂල්‍යා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස ලක්‍ෂිකා ආකර්ශනී (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (25/16, 25/08)

අවුරුදු 17 න් පහළ
නිපුනි දිල්රුක්‍ෂි (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් මනුරාජි නිසංසලා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (25/01, 25/09)

අවුරුදු 19 න් පහළ
නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස හිරුෂි මල්ෂානි (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (25/17, 25/22)

අවුරුදු 21 න් පහළ
තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස කුසල්‍යා විදානගම (කොළඹ දේවි බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (25/13, 25/13,)

බාලක යුගල තරග

අවුරුදු 17 න් පහළ
සුභාෂ් මධුරංග සහ සුනෙත් මධුෂාන් (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය) විසින් වට 2-1 ක් ලෙස තරිඳු දිල්ෂාන් සහ සජීව ලක්ෂාන් (වාරියපොල ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය) පරාජය කරන ලදහ.  (17/25, 25/02, 25/15)

අවුරුදු 21 න් පහළ
දිනෙත් දුලක්‍ෂණ සහ කවීන් නිම්නෙත් (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් වට 2-0 ක් ලෙස බවන්ත පන්සිළු සහ මලින්ද සඳරුවන් (නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය) පරාජය කරන ලදහ. (25/18, 25/00)

බාලිකා යුගල තරග

අවුරුදු 17 න් පහළ
යේෂානි කෞෂල්‍යා සහ දේෂානි කෞෂල්‍යා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස මනුරාජි නිසංසලා සහ ගයත්‍රි නිසංසලා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදහ. (25/06, 25/04)

අවුරුදු 21 න් පහළ
තරුෂි හිමහංසිකා සහ නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස ආර්. බවතාරනී සහ ඊ. දිශාන්ති (යාපනය කොකුවිල් හින්දු විද්‍යාලය) පරාජය කරන ලදහ. (25/06,25/00)


අදහස් (0)

නුගේගොඩ මහාමායාවෝ ශූරතා මල්ලම රැගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.