Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දඹුල්ලේදී නිමාවට පත්වූ සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් (කිලෝමීටර් 21) තරගාවලියේ බාලක රන් පදක්කම වවුනියාව පුවසෙන්කුලම් මහ විදුහලේ ජේ. මිකිර්හාන් විසින්ද, බාලිකා රන් පදක්කම ඇලපාත මහ විදුහලේ නිෂාදි නවෝදය්‍යා ගමගේ විසින්ද දිනා ගන්නා ලදී.
මෙම වසරට (2024) නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලිය ලෙස මෙම අර්ධ මැරතන් (බාලක - බාලිකා) ඉසව් සංවිධානය කෙරුණි.
එහිදී බාලක රිදී පදක්කම මුලතිව් මුත්තියන්කන්ඩු දෙමළ විදුහලේ ජේ.විදුශාන්ට හා ලෝකඩ පදක්කම වැලිමඩ මධ්‍ය මහ විදුහලේ ඩී.එම්.අයි. ඩී. එම්. ගමගේටද හිමි වූහ.
යහල අරාව මහ විදුහලේ ටී. එම්.සී.දනංජනී බාලිකා රිදී පදක්කමත්, යාහපුව සුභසෙන් මහ විදුහලේ ඩබ්. ඩබ්.ආර්.ආර්. බී.එන්.ඩී. දිසාරත්න එහි ලෝකඩ පදක්කමත් හිමි කර ගත්හ.
තරගාවලියට සමගාමිව පාසල් සිසුන් 500 දෙනකු සහභාගිවූ ප්‍රදර්ශන මාර්ග ධාවන තරගයක්ද පැවැත්විණි.
ජයසංකේත ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ( ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) ලුතිනන් කර්නල් අනුර අබේවික්‍රම, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපාලි අමරතුංග, මධ්‍යම පළාත් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ, අනුග්‍රාහක නෙස්ලේ ලංකා සමාගමේ අධ්‍යක්ෂ (පානීය නිශ්පාදන) මොහොමඩ් අලී, එහි ප්‍රවර්ධන කටයුතු කළමනාකරු සජීව වික්‍රමසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (මූලය්‍ය) නිශාන්ත රණසිංහ, දඹුල්ල නාගරික කොමසාරිස් චතුරිකා නවරත්න, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
අර්ධ මැරතන් බාලක ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීහු...
අර්ධ මැරතන් බාලිකා ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීහු...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.