Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නෙස්ටමෝල්ට් මැරතන් තරගාවලිය අද

නෙස්ටමෝල්ට් මැරතන් තරගාවලිය අද

editorial - 2023 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ (2023) අවසන් ක්‍රීඩා ඉසව්ව ලෙස සංවිධානය කෙරෙන නෙස්ලේ- නෙස්ටමෝල්ට් සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගාවලිය අද (11) පෙරවරු 6.30ට ආරම්භ වේ.

 ඒ සඳහා බාලක බාලිකාවෝ 90-කට ආසන්න පිරිසක්  සහභාගි වෙති. කිලෝමීටර 21ක් දුරැති අර්ධ මැරතන් බාලක හා බාලිකා ප්‍රධාන ඉසව් දෙක  සඳහා සියලු පළාත් නියෝජනය කරමින් එහිදී සිසු සිසුවියන් 300 දෙනකු සහභාගිවන බව තරග සංවිධායකයෝ පවසති.

රන් රිදි හා ලෝකඩ පදක්කම් හා  සහතික පත්‍ර ප්‍රදානයට හැරෙන්නට ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම ද තරගාවලියට අනුග්‍රහය දක්වන නෙස්ලේ ලංකා සමාගම සූදානම්ව සිටියි.

මේ අතර පාසල් සිසු සිසුවියන්ට විවෘත කිලෝමීටර් පහක් දුරැති ප්‍රදර්ශන මාර්ග ධාවන තරගයක් ද අද එහිදී පැවැත්වේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අසලින් ආරම්භ වී එය තම්බිවත්ත මංසන්ධිය දක්වා ගොස් ආපසු හැරී එම මාර්ගය ඔස්සේ ආරම්භක ස්ථානයට  පැමිණීමෙන් අවසන් කෙරේ.

මෙවර සමස්ත  ලංකා පාසල් අර්ධ මැරතන් බාලක හා බාලිකා ඉසව් දෙක පැවැත්වෙන මාර්ග වන්නේ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල සිට තල්පේ මුහුදු වෙරළ බස් නැවතුම්පොළ දක්වා ගමන් කර ආපසු හැරී එම මාර්ගය ඔස්සේම ආරම්භක ස්ථානයට පැමිණ නීමාවට පත්වීමෙනි.

මෙය මීට පෙර අවස්ථාවකදී ගාල්ලේදීම පැවැත්වීමට  සූදානම් කර තිබුණත් වර්ෂාව හේතුවෙන් අද දිනය දක්වා කල් දමනු ලැබීය. නෙස්ලේ ලංකා සමාගම  නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ මෙවරත්  තරගාවලියට අනුග්‍රාහය දක්වයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අංශය මෙය සංවිධානය  කරයි. 


අදහස් (0)

නෙස්ටමෝල්ට් මැරතන් තරගාවලිය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.