Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නේපාල කබඩි ලීගයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

නේපාල කබඩි ලීගයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

editorial - 2024 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලයේදී ලබන ජනවාරි 17 වැනිදා ආරම්භ වන නේපාල වෘත්තීය කබඩි ලීග් (පිරිමි) තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනකු නිර්දේශවී තිබේ.

පෙබරවාරී 1 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය සදහා දහාන්ගාඩි වයිල්ඩ් කැට්ස් කණ්ඩායමට ඒ. පී.ගලප්පත්තිගේ, ජනක්පූර් නයිට්ස් කණ්ඩායමට ලක්ෂමොහාන් තනුෂාන් හා ඩිලාන් සංජය එසේ නේපාල කබඩි ලීගයට නිර්දේෂ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.

මේ වන විට ජාතික කබඩි තේරීම් කමිටුව විෂමාචාර චෝදනා මුල් කර ගනිමින් අත්හිටුවා තිබේ. ඒ හේතුවෙන් ජාත්‍යන්තර තරග සංචාර සදහා ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේෂ කිරීම පසුගිය මාර්තු මාසයේදී තේරීම් කමිටුව අවසන් වරට  බංග්ලාදේශ බංගබන්දු කුසලාන තරගාවලිය සදහා නිර්දේෂ කළ ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩකයන් 12 දෙනා) යොදා ගැනේ.

ඒ පිළිබදව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂ කිත්සිරි රුවන් බන්ඩාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ තාක්ෂණික කමිටුවේ කටයුතු අත්හිටුවීමෙන් පසුව මෙතෙක් සිදු කළ සියළු ජාත්‍යන්තර තරග සහභාගිත්වය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිර්දේශ කිරීමට එකී බංගබන්දු සංචාරයට නිර්දේෂ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනාගේ ලැයිස්තුව යොදා ගන්නා බවයි.

කෙසේවූවත් එම ක්‍රියාවෙන් අලුතෙන් තේරීම් සදහා එක් වන නවක ක්‍රීඩකයන් නිර්දේශ නාමාවලියට ඇතුළත් නොවන බැවින් එයින් ඔවුන්ට  අසාධාරණයක් සිදුවී ඇතැයි ඔහු පවසයි.

වෙරළ කබඩි තේරීම් පරීක්ෂණයකදී සිදුවී ඇතැයි කියන විෂමාචාර චෝදනා කීපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් ජාතික කබඩි තේරීම් කමිටුව තාවකාලිකව තහනම් කළේය.ඒ අතර ක්‍රීඩකයන්ගෙන් ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මේ වන විට ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය විසින්ද තේරීම් කමිටුවට එරෙහිව විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

නේපාල කබඩි ලීගය සදහා ජාත්‍යන්තර කබඩි සම්මේලනයේ සම්බන්ධ්කරණයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිර්දේශ කර ගැනීමේදී ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මාර්තු බංගබන්දු සංචාරයේ දක්ෂතා පළ කළ ක්‍රීඩකයන් පිරිසකගේ නිර්දේශ තරග සංවිධායකයන් වෙත යොමු කර තිබේ.  

ආසියාවේ රටවල් කීපයකම පැවැති වෘත්තිය (ගෙවීම් හිමි වන) කබඩි ලීග් තරග මාලා සදහා පසුගිය වසර කීපයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිර්දේශවීම කැපී පෙණුනි.

 


අදහස් (0)

නේපාල කබඩි ලීගයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.