Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදකකම් 11 ක් දිනූ ශ්‍රී ලංකාවට තෙවැනි තැන

පදකකම් 11 ක් දිනූ ශ්‍රී ලංකාවට තෙවැනි තැන

editorial - 2022 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලෝක චෙස් සම්මේලනයේ සහ ආසියානු චෙස් සම්මේලනයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා චෙස් සම්මේලන සංවිධායන කළ 16 වැනි ආසියානු පාසල් රැපිඩ් චෙස් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය.

එහිදී අවුරුදු 11 න් පහළ බාලිකා වයස් කාණ්ඩය යටතේ තරග වැදුණ දේවින්ද්‍යා ඔෂිනි සහ අවුරුදු 13 න් පහළ බාලිකා වයස් කාණ්ඩය යටතේ තරග වැදුණ දුලින්මා රත්නායක ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දුන්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙනුත් තෙව්සස්, සයුමි හලංගොඩ, දිෂාල් නිම්සර, බී.කේ සෙනෙවිරත්න සහ මිෂෙලා පිල්ලෙ රිදී පදක්කම්ද, සෙතුම්ලී දෙව්හාරා, එසඳි නෙවන්සා, දෙසඳි ධිහන්සා සහ අෂ්විනි පවලචන්ද්‍රන් ලෝකඩ පදක්කම්ද දිනාගත්හ. 

රන් පදක්කම් 5 ක් සමගින් පදක්කම් 10 ක් දිනාගත් කිරිගිස්තානය තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් ඉන්දියාව තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කීවේය. රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් උස්බැකිස්තානයට තරගාවලියේ සිවුවැනි ස්ථානය හිමිවිය. 

වස්කඩුව සිට්‍රස් හෝටලයේදී ඉකුත් ඉරිදා (4 වැනිදා) පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, ඉන්දුනීසියාව, කසකස්තානය, කිරිගිස්තානය, මාලදිවයින, මැලේසියාව, මොංගෝලියාව, පාකිස්තානය, තර්ක්මේනිස්තානය සහ උස්බැකිස්තානය යන රටවල් නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.

එහිදී අවුරුදු 7 න් පහළ, 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ විවෘත සහ බාලිකා යන අංශ දෙකෙන්ම තරග පැවැත්විණ. එම සෑම වයස් කාණ්ඩයක් යටතේම ස්විස් ක්‍රමයට අනුව විනාඩි 15 කින් සමන්විත වූ වට 7 බැගින් පැවැත්විණ.  

පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 

වයස 7 න් පහළ විවෘත 
රීදී පදක්කම - සෙනුත් තෙව්සස් 

වයස 7 න් පහළ බාලිකා 
රිදී පදක්කම - සයුමි හලංගොඩ 

වයස 11 න් පහළ බාලිකා 
රන් පදක්කම - දේවින්ද්‍යා ඔෂිනි 
ලෝකඩ පදක්කම - සෙතුම්ලී දෙව්හාරා 

වයස 13 න් පහළ විවෘත 
රිදී පදක්කම - දිෂාල් නිම්සර 

වයස 13 න් පහළ බාලිකා 
රන් පදක්කම - දුලින්මා රත්නායක 
ලෝකඩ පදක්කම - එසඳි නෙවන්සා 

වයස 15 න් පහළ විවෘත 
රිදී පදක්කම - බී.කේ සෙනෙවිරත්න 

වයස 15 න් පහළ බාලිකා 
රිදී පදක්කම - මිෂෙලා පිල්ලෙ 
ලෝකඩ පදක්කම - දෙසඳි ධිහන්සා 

වයස 17 න් පහළ බාලිකා 
ලෝකඩ පදක්කම - අෂ්විනි පවලචන්ද්‍රන් 

 


අදහස් (0)

පදකකම් 11 ක් දිනූ ශ්‍රී ලංකාවට තෙවැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.