Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය ‘බී’ කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 183 ක ජයක් ලබා ගැනීමට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය අද (31 වැනිදා) සමත්විය. මෙම තරගය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ශාන්ත තෝමස් විද්‍යාලීය පළමු ඉනිමේදී ජනිඳු දුලංජන සහ තාරුක දිලක්ෂණ කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර දෙවැනි ඉනිමේදී තාරුක වනසිංහ ලකුණු 11 කට කඩුලු 6 ක් දවාගනිමින් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ශා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 42
(ජනිඳු දුලංජන 08/4, තාරුක දිලක්ෂණ 11/4)
බදුල්ල ම.ම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28.4 කදී කඩුලු 5 ක් දැවී 245
(කවිඳු පත්මිණ 82, ටෙහාන් මන්ඩිත් 45, සඳුන් සංදීප 36, චමිඳු අබේනායක 29, ශෙහාන් මන්ඩිත් 23, සවින් බණ්ඩාර 56/3)
ශා. තෝමස් විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 11.1 කදී සියලුදෙනා දැවී 20
(තාරුක වනසිංහ 11/6, ජනිඳු දුලංජන 08/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.