Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ප්‍රවීන් ජයවික්‍රම (12/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් පිලට එරෙහිව මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 56 ක් ජයක් හිමිකර ගැනීමට ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය රෙඩ්ස් පිලට ඕවර 17 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 92 ක් පමණි. දක්ෂ පිතිකරුවන් දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් පිලට ඇතුළත් වුවද පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවූහ.
නිපුන් ධනංජය (14) සහ දිනේෂ් චන්දිමාල් (13) ලකුණු 10 යේ සීමාව පසුකළද සෙසු පිතිකරුවන්ට ඉන් ඔබ්බට හෝ යෑමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
ප්‍රවීන් ජයවික්‍රම සිය ඕවර 4 ලකුණු 12 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර ඕවර 2 ක් පමණක් යැවූ ඇන්ජලෝ පෙරේරා ලකුණු 06 කට කඩුලු 2 ක් දවාගත්තේය. සුරංග ලක්මාල්, දිල්ෂාන් මදුශංක, ධනංජය ලක්ෂාන් සහ ශිරාන් ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රෙඩ්ස් පිලේ පන්දු යවන්නන් හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බ්ලූස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148 ක් පමණි.
ලකුණු 69 කට කඩුලු 5 ක් දැවී තිබියදී 6 වැනි කඩුල්ල සඳහා එක්වූ සහන් ආරච්චිගේ සහ අශේන් බණ්ඩාර එක්ව පන්දු 36 කදී ලකුණු 49 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිය ඉනිම ගොඩනැගීමට සමත්වූහ.
අවසන් ඕවරයේ අවසන් පන්දුවට දැවීයන තෙක් කඩුල්ලේ රැඳී සිටි අශේන් බණ්ඩාර පන්දු 25 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය. සහන් ආරච්චිගේ පන්දු 31 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් සහ නිශාන් මදුෂ්ක පන්දු 17 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළහ.
සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකළ අකිල ධනංජය කඩුලු 3 ක් ද, සීකුගේ ප්‍රසන්න ලකුණු 34 කට කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බ්ලූස් පිලේ නිත්‍ය නායක ධනංජය ද සිල්වා අද තරගයට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් උපනායක ඇන්ජලෝ පෙරේරා කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
බ්ලූස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 148
(නිශාන් මදුෂ්ක 20, සහන් ආරච්චිගේ 36, අශේන් බණ්ඩාර 45, අකිල ධනංජය 27/3, සීකුගේ ප්‍රසන්න 34/2)
රෙඩ්ස් පිල - ඕවර 17 කදී සියලුදෙනා දැවී 92
(නිපුන් ධනංජය 14, දිනේෂ් චන්දිමාල් 13, ප්‍රවීන් ජයවික්‍රම 12/2, ඇන්ජලෝ පෙරේරා 06/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.