Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පරාජිතයන්ගේ තරග වටයේදී තරුෂි 7 ට
පැරිස් ඔලිම්පික් - 2024

පරාජිතයන්ගේ තරග වටයේදී තරුෂි 7 ට

editorial - 2024 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ  ප්‍රංශයේ පැරිස් නුවර සිට)

පැරිස්  ඔලිම්පික්  මලල  ක්‍රීඩා මීටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයේ පරාජිතයන් අතර අද (3) පැවැති අවසන් පූර්ව  නිර්දේශිත තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි  කරුණාරත්න එහි සිව් වැනි තරගයේදී විනාඩි 2 තත්පර 06.66 කින් හත් වැනි ස්ථානයට පත්වූවාය.

මෙම තරග වටයෙන් මූලික වටයේ පාරාජිත ක්‍රීඩිකාවන් හය දෙනෙකු අවසන් පූර්ව වටයට නිර්දේශ කර ගැනේ. කෙසේවූවත් පැරිස් ඔලිම්පික්  සිය දෙවැනි උත්සහයේදීත් තරුෂිගේ දක්ෂතා ඉසව්වේ අවසන් පූර්ව  වටයට නිර්දේශ  ලබා ගැනීමට ප්‍රමාණවත්  නොවීය.

ඊයේ (2) රාත්‍රීයේදී ඉසව්වේ  මූලික වටයට තරග වැදුණු තරුෂි එහිදී හය වැනි මූලික තරගයේ අට වැනි (අවසන්) ස්ථානයට පත්වූයේ විනාඩ් 2 තත්පර 07.76 කටය.

කෙසේවූවත්  තරුෂි  පැරිස් ඔලිම්පික්  නිර්දේශ  ලබා ගන්නා විට මීටර්  800 ( කාන්තා) ඉසව්වේ ආසියානු ශූරතා රන් පදක්කම්ලාභීණිය බවට පත්ව සිටියේ විනාඩ් 2 තත්පර  00.66 ක ඇගේ මෙතෙක්  ඉසව්වේ හොඳම  කාලය වාර්තා කරමිණි.

ලෝක මලල ක්‍රීඩා ආයතනය  අළුතෙන් හඳුන්වාදී තිබෙන පරිදි ධාවන ඉසව් මූලික වටයේ පරාජිතයන් අතර වෙනමම තරග වටයක් පවත්වා එයින් අවසන් පූර්ව වටයට ක්‍රීඩිකාවන් හෝ ක්‍රීඩකයන් හය දෙනෙකු බැගින් නිර්දේශ  කර ගැනේ.

මෙතෙක් පැවැති ක්‍රමය වූයේ මූලික වටයේ වේගවත්ම කාලයන් අනුපිළිවෙළින් අවසන් පූර්ව වටයට කෙළින්ම නිර්දේශ කර ගැනීමයි. නව ක්‍රමයෙන් මූලික වටයේ තරග තෙවැනි ස්ථානය දක්වා පැමිණෙන්නන් හා අනතුරුව  පැවැත්වෙන පරාජිතයන්ගේ තරග වටයේදී ඉතිරියද ඉසව් අවසන් පූර්ව වටය සඳහා නිර්දේශ කර ගැනේ.


අදහස් (0)

පරාජිතයන්ගේ තරග වටයේදී තරුෂි 7 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.