Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කාල්ටන් සුපර් සෙවන්ස්’ 2013 සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට සජිත් සාරංගගේ නායකත්වයෙන් යුත් ‘ජැෆ්නා චැලෙන්ජර්ස්’ කණ්ඩායම සමත්විය. මෙම තරග ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ සහ අද (27 සහ 28) දෙදින පුරා පැවැත්විණි.
පසුගිය වසරේ කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ සම ශූරයන් වූ ජැෆ්නා චැලෙන්ජර්ස් හා නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියහ.
තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේදී ජයග‍්‍රාහී ජැෆ්නා චැලෙන්ජර්ස් පිල ගෝලයක් හා උත්සාහක දිනුම් තුනක් ලබාගත් අතර නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිලට ලබාගත හැකිවූයේ ගෝලයක් හා උත්සාහක දිනුම් දෙකක් පමණි.
තරගයේ පළමු අදියර නිමාවනවිට ජැෆ්නා චැලෙන්ජර්ස් කණ්ඩායම ලකුණු 10-5 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගයේ අවසානය දක්වාම එම තත්ත්වය පවත්වාගෙන යාමට සමත්විය.
ජැෆ්නා චැලෙන්ජර්ස් පිල වෙනුවෙන් කොලින් ඉන්ජෙරා උත්සාහක දිනුම් දෙකක් ලබා ගත් අතර විලියම් අම්බකා හා උමා ඔස්කාර් උත්සාහක දිනුමක් බැගින් වාර්තා කළහ. නොර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිල වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සෑම් ඩික්සන්, ලවංග පෙරේරා හා ජෝන් මරාවා සමත්වූහ.
තෙවැනි හා සිව්වැනි ස්ථාන වෙනුවෙන් නෝර්ත් සෙන්ට‍්‍රල් ටයිපූන්ස් පිල හා නොදර්න් ග්ලැඩියේටර්ස් පිල තරග වැදුණි. එම තරගය ලකුණු 29-12 ක් ලෙස ජයගත් නෝර්ත් සෙන්ට‍්‍රල් ටයිපූන්ස් පිල තෙවැනි ස්ථානයට පත්විය.
මෙම තරගාවලියට විදේශීය කී‍්‍රඩකයෝ 54 දෙනෙක් එක්ව සිටියහ. ඒ අතර ලොව වේගවත්ම රග්බි කී‍්‍රඩකයා ලෙස කිරුළු පැළඳ සිටින ඇමෙරිකාවේ කාලින් අයිල්ස්, නවසීලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන ඞී.ජේ.ෆෝර්බ්ස්, එංගලන්ත කී‍්‍රඩක බෙන් ගොලින්ස්, ස්පාඤ්ඤ සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක ඉග්නාසියෝ මාටින් යන කී‍්‍රඩකයෝද සිටියහ.
තරගාවලිය අවසානයේ ශ්‍රේණිගත කිරීම
1. ජැෆ්නා චැලෙන්ජර්ස්
2. නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස්
3. නෝර්ත් සෙන්ට‍්‍රල් ටයිපූන්ස්
4. නොදර්න් ග්ලැඩියේටර්ස්
5. වෙස්ටන් වොරියර්ස්
6. ඌව වයිපර්ස්
7. සබරගමුව ස්ටැලියන්ස්
8. සදර්න් ෂාර්ක්ස්
9. සෙන්ට‍්‍රල් කිංග්ස්
10. ඊස්ටර්න් ඊගල්ස්
- ගාල්ල අතිරේක, වේරගොඩගේ සජීව විජේවීර
(ඡායාරූපය: සජීව විජේවීර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.