Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පේරු රාජ්‍යයේ ලීමා නුවරදී අඟහරුවාදා (27) ආරම්භ වන ලෝක ශූරතා වයස 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ක්‍රීඩකයන් පිරිස අනිද්දා (25) දිවයිනෙන් පිටත්ව යයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හෙට පිටත්ව යන පළමු පිරිසට එහි ප්‍රධානී චන්දන ඒකනායක, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනී ධම්මිකා කුලතුංග, පුහුණුකරු ක්‍රිෂාන්ත කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළුව මීටර් 100 ක්‍රීඩකයන් වන මෙරොන් විජේසිංහ, දිනෙත් වීරරත්න හා දුර පැනීමේ ක්‍රීඩිකා මධුෂාණි හේරත්ද ඇතුළත්ව සිටිති.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළුව නිලධාරීන්ද සමග සංචාරක සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම 17 දෙනෙකි. සඳුදා (26) හා අඟහරුවාදා (27) ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි පිරිස කණ්ඩායම් දෙකකින් පේරු බලා පිටත්ව යාමට සූදානමින් සිටියි.
කෝටි තුනකටත් අධික මුදලක් මෙම තරග සංචාරය සදහා වැය කිරීමේදී අරමුදල් සපයා ගත්තේ ජනාධිපති අරමුදලෙනි.ඒ සදහා අරමුදල් ලබාදීමට තමන්ට වත්කමක් නොමැති බවට ක්‍රීඩා අමාතාංශය ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබුණි.
කෙසේවූවත් ජනාධිපති ක්‍රීඩා උපදේශක හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඒ සදහා මැදිහත් විය. එහිදී මුදල් අමාත්‍යාංශයේ භාරකාරත්වයේ පවතින ජනාධිපති අරමුදලෙන් කළ ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස තරග සංචාරය සදහා වියදම් මුදල් ලබාදීමට එම අරමුදල කටයුතු කිරීමෙන් අවසන් මොහොතේ මෙම තරග සංචාරය සාර්ථක කර ගැනුණි.
රටවල් 43 ක් තරගාවලියට සභභාගි වන අතර අගෝස්තු 31 වැනිදා තරගාවලිය නිමාවට පත්වේ. අවසන් වරට (2022) පැවැති තරගාවලියේ සත්කාරය දැරුවේද දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන පේරු රාජ්‍යයටද මායිම් වන කොළොම්බියාවේදීය. ඒ එහි කාලි නුවරදීය. ඒ සඳහාද තරුෂි කරුණාරත්න ඇතුළුව හත් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සභභාගි විය.
1986 දී ආරම්භ වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් පදක්කමක් දිනා ගැනීමට සමත්ව නැත.ලෝක ශූරතා වයස 20 න් පහළ මලල ක්‍රීඩා තරග ඉතිහාසය පුරා මෙතෙක් කුමන හෝ පදක්කමක් දිනා ගත් රටවල් ගණන 110 කි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම නිල සමූහ ඡායාරූපයට පෙනී සිටි අයුරු
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු.එහි ලේකම් සමන් කුමාර ගුණවර්ධන, කණ්ඩායම් ප්‍රධානී චන්දන ඒකනායක, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නිමි ක්‍රීඩා ඇදුම් සැපයීමේ නිල අනුග්‍රාහකයා වන මාස් සමූහ ආයතනයේ සමූහ නිශ්පාදන (අනුවර්තන) නිලධාරී දිල්ෂාන් මොහොමඩ්, එහි සාමාන්‍යාධිකාරී (නව නිශ්පාදන) හුසිෆා කදීර් යන මහත්වරුන්ද මෙහි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.