Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියට විරෝධයක්

පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියට විරෝධයක්

editorial - 2024 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන 21 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අන්තර් සමාජ පළමු කොටසේ රග්බි ලීග් තරගාවලියට රග්බි නිසි බලධාරියාගේ අනුමැතිය ලබා ගෙන නැතැයි වාර්තාවේ. ලබන ජනවාරි 19 වැනිදා දක්වා එය පැවැත්වෙන අතර ඒ සඳහා පත් කර ඇතැයි කියන කමිටු පහක් පිළිබදවද තමන් දැනුවත්වී නැතැයි ඔහු ප්‍රකාශ කර ඇතැයිද එහිදී වාර්තාවී තිබේ.

එවැනි තත්වයක් තුළ මෙම තරගාවලිය පැවැත්වීමට ගන්නා වූ උත්සාහය නීතිවිරෝධී වන බවත්, මේ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම පිළිබදව තමන් අවධානය යොමු කර ඇතැයි රග්බි සංගම් නියෝජිතයෝ පිරිසක් ‘ලංකාදීප’යට පැවැසූහ.

මෙවර තරගාවලියට අනුමැතිය ලබා නොදුන් නවක කණ්ඩායමක් ද ඇතුළත් කර ඇතැයිද වැඩිදුරටත් චෝදනා නැගේ.

ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන රග්බි පරිපාලනයේ හිටපු නිලධාරියකු, මෙවර පළමු පෙළ රග්බි තරගාවලියේ සංවිධාන කටයුතුවලට මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් අත පෙවීම් කරන බවට චෝදනා නැගේ. එසේම තරගාවලියේ සංවිධාන අනු කමිටු සඳහා පත් කර තිබෙන ඇතැම් නිලධාරීන් තහනමට ලක්වූවන් බැවින් එම පත් කිරීම් මතභේදාත්කම බවටද තව දුරටත් චෝදනා නැගේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ක්‍රියාකාරිත්වය ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය ජූලි මාසයේ සිට අත්හිටුවා තිබේ. යළි නිලවරණයක් කැඳවා නව විධායක සභාව බල ගැන්වෙන තෙක් නිසි බලධාරියා ලෙස එහි කටයුතු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාට පවරා තිබේ.


අදහස් (0)

පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියට විරෝධයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.