Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු කොටසේ ශූරතාව ඩී.එස්.ට

පළමු කොටසේ ශූරතාව ඩී.එස්.ට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඩී.එස්.සේනානායක විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර කැම්බල් පිටියේදී පැවැති ‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට ඩී.එස්.සේනානායක විදුහල අද (25 වැනිදා) සමත්විය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ගාල්ල මහින්ද විදුහලට පන්දුවට පහරදිමට නොහැකිවූ අතර ප්‍රසාද ලකුණු මත අවසන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට සංවිධායකයන්ට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලය පළමු පන්දුවට පහරදිම සදහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට ආරාධනා කළ අතර ඩී. එස්. ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූහ.
රුචිර තීක්ෂණ (56) අර්ධ ශතකයක් ලබාගනිමින් ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සාවින්ද්‍ය රංමිණ කඩුලු 3 ක් ද හිරුණ මන්දිල සහ අදීෂ සඳලිඳු කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ඇරඹු ගාල්ල මහින්ද විද්‍යාලයට අයහපත් ආලෝකය නිසා තරගය නතර කිරීමට පෙර කඩුල්ලක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 40 ක් පමණි.


ඩී.එස්.සේනානායක විදුහල - පළමු ඉනිම - ඕවර 41.1 කදී කඩුලු 9 ක් දැවී 241
(රුචිර තීක්ෂණ 56, දේශාන් හෙට්ටිගේ 47, ගවිරු සෙනෙහස් 39, කෝෂික ප්‍රනාන්දු 33, සාවින්ද්‍ය රංමිණ 25/3, හිරුණ මන්දිල 36/2, අදීෂ සඳලිඳු 61/2)
මහින්ද විදුහල - පළමු ඉනිම - ඕවර 14 කදී කඩුල්ලක් දැවී 40

 


අදහස් (0)

පළමු කොටසේ ශූරතාව ඩී.එස්.ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.