Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO

පළමු තරගය අද

editorial - 2023 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රුපියල් කෝටි එකහමාරකට ආසන්න (මිලියන 13) වියදමක් දරමින් දකුණු කොරියාවේ දී අද (10) ආරම්භ වන 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව හෙට (11) සිය පළමු තරගය සඳහා සත්කාරක දකුණු කොරියාවට එරෙහිව සහභාගිවීමට නියමිතය. තරගාවලිය ජුනි 17 වැනිදා දක්වා ජේන්ජු නුවර දී පැවැත්වේ.

රටවල් 11ක් තරග වදින මෙවර තරගාවලියේදී මූලික වටයට ශ්‍රී ලංකාව නිර්දේශ වී සිටින්නේ ‘බී’ කාණ්ඩයෙනි. එහිදී ජුනි 12 වැනිදා බෲනායි සමගද, ජුනි 13 වැනිදා සිංගප්පූරුව සමග හා ජුනි 14 වැනිදා චීන තායිපේ සමග ද තරග හතරකට සහභාගි වීමට නියමිතය.

මූලික වටයේ දී ඉදිරියට යමින් අවසන් පූර්ව වටයට පිවිසීමේ ඉහළම අවස්ථාවන් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අතර එහිදී අභියෝගාත්මක ප්‍රබල ප්‍රතිවාදීන් සමග ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු යොවුන් තරගාවලියට මුහුණ දෙන්නේ ගියවර (2019) ජපානයේදී පැවැති තරගාවලියේ දී තෙවැනි ස්ථානය ලබමිනි. මලයාසියාව ශූරතාවත් සිංගප්පූරුව අනුශූරතාවත් එහි දී ලබා තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2015 දී හොංකොං සත්කාරය දැරූ තරගාවලියේ දී ශූරතාව දිනා තිබේ. එසේ ශ්‍රී ලංකාව 1998 හා 2022 යන වසරවලදී ද පිට පිටම ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙවර තරගාවලිය කොරියාවේ ‘ජේන්පු නුවර’ ලෝක කුසලාන ක්‍රීඩාංගනයේ දී  පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ‘ජෙන්පු නුවරට ළඟාවී සිටින සංචාරක ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණි අමල්කා ගුණතිලක මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය සහභාගිවන තරගයෙන් තරගය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියට යාම බව පැවසුවාය.

‘‘ගියවර අත්කර ගත් තෙවැනි ස්ථානය තියාගෙන මේ තරගාවලියට ඇවිල්ලා ඉන්නේ. ඉන් ඉහළ ස්ථානයකට පත්වීම මගේ සැලැස්මයි. මට ලැබුණු කණ්ඩායම දුෂ්කරතා රැසක් මැද සූදානම්කර ගැනීමට මට හැකි වුණා’’ යැයි ද ඇය ‘ජේන්ජු’ නුවර සිට ‘ලංකාදීප’යට පැවසුවාය.

මෙම තරගාවලියේ වැදගත්කම වන්නේ මෙහි කුසලාන, අනුශූරතා කුසලාන හා තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් තුනක් ආසියානු කලාපයෙන් ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට නිර්දේශ ලබන බැවිනි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ජාතික ශුරතාව දිනාගත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ පුහුණුකරු ෂහීතා සමරසිංහ මහත්මිය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකාරිනිය ලෙසත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු උප නායිකාවක් වන වජිරා පුෂ්පකුමාරි මහත්මිය එහි කළමනාකාරිණිය ලෙසත් මෙම තරග සංචාරයට පිටත්ව ගොස් සිටිති.

හැටන් නැෂනල් බැංකු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවක් වන සජානි රත්නායක සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නීය.

 

සංචාරක ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම:-

සජානි රත්නායක (හැටන් නැෂනල් බැංකුව), නෙත්මි විජේනායක (උප නායිකා- මියුසියස් විදුහල), ඉදුෂා පෙරේරා (යුද හමුදාව), නිෂා ෂලනි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) සරා පීරිස් (සබරගමුව විශ්වවිද්‍යාලය), බාෂි උඩගෙදර (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ ක.) දිල්මි විජේනායක ( මියුසියස් විදුහල) මිනංන්ගි කන්නානගේ (මියුසියස් විදුහල) තිමී ගමගේ (පාදුක්ක සිරි පියරතන), නෙතංගා ගුණරත්න (මියුසියස් විදුහල), ජිනාලි බාලසූරිය (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල), රනිඳු පෙරේරා (මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය) මෙම තරග සංචාරයේ දී කණ්ඩායමේ වෛද්‍යවරිය ලෙස වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මියත් කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියන් කටයුතු කරති.


අදහස් (0)

පළමු තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.