Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු තරගය සමවෙයි

පළමු තරගය සමවෙයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී නරඹන්නන් අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අන්තර් සමාජ ශූරයන්ගේ පාපන්දු තරගාවලිය (2018) ආරම්භ විය.

තරගාවලිය ආරම්භ කරමින් වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම හා බේරුවල සුපර්සන් කණ්ඩායම අතර අද (21) රාත්‍රියේදී පැවැති පළමු තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන අත්කරගත් කණ්ඩායම් දෙක මෙවර තරගාවලියේ පළමු තරගයට සහභාගි වූහ.

වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම වෙනුවෙන් එහි විදේශීය ක්‍රීඩක බී.එස්. කිමෝ 22වැනි වතාවේදීද සුපර්සන් කණ්ඩායම වෙනුවෙන් ඩී. ඩැනියෙල් 78වැනි විනාඩියේදීද ගෝල වාර්තා කළහ.

මෙවර ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය තරග 153කින් සමන්විතය. මෙවර තරගාවලියේ තවත් තරග 8ක් එළඹෙන සති අන්තයේදී (27 - 28) කොළඹ හා දිවයිනේ තවත් ක්‍රීඩාංගණ 8කදී පැවැත්වේ.  
 
යාපනයේදී අද (21) පැවැති තරගයේදී දෙපිලේ ක්‍රීඩකයන් දෙදෙනෙකු විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඞ්පත ලැබීය.

 

 


අදහස් (0)

පළමු තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.