Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර චිතගොන්හි සාහුර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (12 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 303 ක් ලබා සිටියේය.
තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි මොමිනුල් හක් නොදැවී ලකුණු 46 ක් සහ මහමදුල්ලා නොදැවී ලකුණු 5 ක් බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම (ටමීම් ඉක්බාල් 109 සහ ඉම්රුල් කේයිස් 130) ශතක රැස්කිරීමට සමත්වීම අද දිනයේදී කැපීපෙනෙන සිදුවීමක් විය. ඔවුන් දෙදෙනා එක්ව බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 224 කි.
හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ඉම්රුල් කේයිස්, තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ දෙවැනි ශතකය මෙන්ම ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ අතර හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ටමීම් ඉක්බාල් තම 6 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
බංග්ලාදේශ පිල - පළමු ඉනිම කඩුලූ 2 ක් දැවී 303
(ටමීම් ඉක්බාල් 109, ඉම්රුල් කේයිස් 130, මොමිනුල් හක් නොදැවී 46)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.