Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රෙිලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඕස්ට්‍රෙිලියානු ‘ඒ’ කණ්ඩායම සමගින් එක්දින තරග 2 කට සහ පළමු පෙළ (සිව්දින) තරග දෙකකට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවනු ඇත.
ලබන මස මුල් සතියේ දිවයිනට පැමිණෙන ඕස්ට්‍රෙිලියානු ‘ඒ’ කණ්ඩායම ජුනි 8 සහ 10 යන දෙදින තුල එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී එක්දින තරග දෙකකට සහභාගි වේ. ඉන් අනතුරුව පළමු පෙළ තරග 2 ක් සඳහා ඔවුන් හම්බන්තොට බලා පිටත්ව යනු ඇත.
පළමු සිව්දින තරගය ජුනි 14 සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි සිව්දින තරගය ජුනි 21 සිට 24 වැනිදා දක්වා පැවැත්වේ. එම තරග දෙකම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රෙිලියාව අතර ටෙස්ට් තරගාවලියට පෙර ‘ඒ’ කණ්ඩායම් අතර පළමු පෙළ තරග දෙකම අවසන් වන බැවින් අවශ්‍යතාවක් ඇති වුවහොත් පමණක් ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයන් ඕස්ට්‍රෙිලියානු ජාතික කණ්ඩායමට එක්කර ගැනීමේ බලාපොරොතුවක් ඕස්ට්‍රෙිලියාවට ඇත. ජාතික කණ්ඩායම්වල එක්දින සහ විස්සයි20 තරගා පැවැත්වෙන අතරතුර කාලයේදී ‘ඒ’ කණ්ඩායම් අතර තරග පවත්වා අවසන් වේ.
තරග කාලසටහන
ජුනි 08 - පළමු එක්දින තරගය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
ජුනි 10 - දෙවැනි එක්දින තරගය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
ජුනි 14 - 17 - පළමු සිව්දින තරගය, හම්බන්තොටදී
ජුනි 21 - 24 - දෙවැනි සිව්දින තරගය, හම්බන්තොටදී
ඕස්ට්‍රෙිලියා ‘ඒ’ සංචිතය
ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඞ්, පීටර් හෑන්ඞ්ස්කොම්බ්, ඒරන් හාඩී, මාකස් හැරිස්, ට්‍රැවිස් හෙඞ්, හෙන්රි හන්ට්, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් කුනේමාන්, නික් මැඩින්සන්, ටොඞ් පර්ෆි, ජොෂ් පිලිප්, මැතිව් රේන්ෂෝ, ජායි රිචඞ්සන්, තන්වීර් සාඝා සහ මාර්ක් ස්ටීකේටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.